රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවෙනුත් පැනලා

Spread the love

රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ.

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස්‌ ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අධිකරණය මඟින් නිකුත් කළ සිතාසිය භාර දීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා. සිංගප්පූරුවෙනුත් පදිංචි සිංගප්පූරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නියෝජිතයෝ ගොස්‌ ඇතත් ඒ මහතා එම ලිපිනයේ නොසිටි බව හෙළි වී තිබේ.

අදාළ සිතාසිය අන්තර්ජාතික කුරියර් සේවාවක්‌ ඔස්‌සේ මහේන්ද්‍රන් මහතා වෙත යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

එහෙත් එම ලිපිනයේ මහේන්ද්‍රන් මහතා නොසිටි බැවින් කුරියර් සේවය මඟින් එම සිතාසිය නැවත මෙරටට එවා ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස අධිකරණය මඟින් අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත සිතාසි නිකුත් කර තිබිණි.

RSL

Related Posts