සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!

Spread the love

සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර සිටියේය.

“අතිගරු ජනාධිපතිතුමාම තීරණය කරලා තියෙනවා සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් කියන්න බෑ,වෛද්‍යවරු බිහි කරන්න බෑ. ඒ වෙනුවට කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය වෛද්‍ය පීඨය හරහා මේ සුදුසුකම් තියෙන ශිෂ්‍යයන්ව වෛද්‍යවරු බවට පත් කිරීමේ ක්‍රමවේදයක් ගැන. එහෙමනම් අතිගරු ජනාධිපතිතුමාට අපි කියනවා, මේ සියලු පාර්ශව කැදවන්න. මේකයි වැඩපිළිවෙළ, කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට දෙනවා. මේ දරුවන් බඳවාගන්නේ මෙහෙමයි. ඒ සඳහා කමිටුවක් පත් කරන්න. ඒ සදහා අවශ්‍ය කරන වෛද්‍ය සභාවේ නිර්දේශ ලබාගන්න. ඒ හරහා සියලු දෙනා එක තැනකට ගෙන්නල නීතිපතිතුමාට උපදෙස් දෙන්න මේ අධිකරණමය ක්‍රියාදමය තුළ මේ එකඟතාවය අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ සදහා අපි සහය දෙන්න ලෑස්තියි. එකම ශිෂ්‍යයෙකුටවත් MBBS සයිටම් නමින් උපාධියක ලැබිය නොහැකියි.” ඔහු සඳහන් කර සිටියා.

RSL

Related Posts