ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි; රනිල් පන්නන සටන වෙනත් ක්‍රමයකට

Spread the love

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස්‌ අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක වරුන්ගේ දැඩි අවධානය යොමුවී තිබේ.

ඒ අනුව විවිධ මත පළවීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ උපදේශකයින් දුන් උපදෙස්‌ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොවිමසීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවට අරක්ගෙන සිටින රනිල් නෙරපා දමා ගැනීම වෙනුවෙන් එජාපයේම පිරිස් කටයුතු කරන බවට වාර්තාවේ. ඊට මුලික හේතුවක් වී ඇත්තේ, ආණ්ඩු බලය තිබියදී මැතිවරණයක් පරාජයට පත් වී මේ මහපොළොවට නොගැලපෙන රනිල් වැනි නායකයෙකු සමඟ තවදුරටත් ගමන් කර නොහැකිවීමත්, රනිල් සමඟින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් වීමත් නිසාවෙන් මොවුන් මෙලෙස සැලසුම් කරමින් සිටින බවට වාර්තාවේ.

RSL

Related Posts