උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි; කාගේ සල්ලිද මේ කන්නේ..?

Spread the love

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු ඩුබායි බලා ගියහ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාද ඊට සහභාගී වීමට නියමිතව තිබුණත් පසුව ඔහු එයින් ඉවත් වී ඇත.

වසර 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් මිග් 27 ගුවන් යානා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරගෙන යන පරීක්ෂණයකට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අවශ්‍ය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී එරට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවත්වූහ. එහිදි උදයංග වීරතුංග ඉන්නා තැනක් නොදන්නා බව එම බලධාරීන් යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත මහත්වරුන් දෙදෙනාට දැනුම් දී තිබේ.

එහෙත් ඩුබායිහි උදයංග වීරතුංගට අයත් බව කියන ලිපිනයකට ගොස් පරීක්ෂා කිරීමට එරට පොලීසිය කටයුතු කළද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා විය.

ඩුබායි ආගමන විගමන බලධාරීන් උදයංග වීරතුංග රඳවාගත් බවට තොරතුරු ලැබුණු විගස හත් දෙනකුගෙන් සමන්විත රජයේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගියද ඔවුන්ටද උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර පොලිසියේ ඩුබායිහි සිටින නිලධාරීන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් පැමිණීමට පෙර උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබිණි.

ගුවන් යානා වෙන් කරවා ගැනීමට නොහැකි වීම නිසා අවස්ථා තුනකදීම හත් දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ පිටත්වීම ප්‍රමාද විය. ඔවුන්ට වීසා ලැබීම ප්‍රමාද වීම මෙම ප්‍රමාදයට තවත් හේතුවක් වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර පොලිසිය උදයංග වීරතුංගට නිකුත් කර තිබුණේ ‘නිල් වරෙන්තු’ පමණකි. එම නිසා ඔහුගෙන් ප්‍රශ්න කර මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබිණි. නිල් වරෙන්තු රතු වරෙන්තු තරම් ප්‍රබල නොවේ.

මෙම තීන්දු ලබා ගැනීමට උපදෙස් දෙන නීති නිලධාරීන් සහ එම තීන්දු ලබා ගන්නා නිලධාරින් එහි ඇති නීතිමය තත්වය පිළිබඳ දිග පළල හොඳින්ම දන්නා අයවලුන් වේ.

මෙලෙස රතු වරෙන්තු වෙනුවට නිල් වරෙන්තු ලබා ගැනීම, වීසා නිකුත් කිරීමට අවස්ථා ගණනාවකදී පමා වීම ආදිය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි මේ වනිවිට සමාජය තුළ දැඩි සැකයක් මතු වෙමින් තිබේ.

උදයංග අත් අඩංගුවට පත් වූ බවට පළමු පුවත වාර්තා වෙද්දී “රීඩ් ශ්‍රී ලංකා” අප එහි සැඟවුණු සත්‍යය සහ රඟන්න යන නාටකය දැඩිව අවධාරණය කර සිටි අතර එය ජනතාව ඇන්දවීමට සිදුකරන්න යන ප්‍රෝඩාවක් බව කියා සිටියෙමු.

ආශ්‍රිත පුවත්: උදයංග වීරතුංග නිසා නිලධාරීන්ට තවත් ඩුබායි සංචාරයක් හිමිවෙයි

උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් සහ සැලසුම්කරුවන් හඳුනාගන්න (විශේෂ)

නිදහසේ සැරිසැරූ රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු කාලාන්තරයකට පසු අද හදිසියේම අත්අඩංගුවට

RSL

Related Posts