ඉදිරි සති දෙක ඇතුලත මහින්ද ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට (විශේෂ)
මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක් ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, ශ්‍රී ලංකා …
Continue Reading
ජනපති අලුත් ගමනකට සැරසෙයි! කැබිනට් සංශෝධනයෙන් එජාප ප්‍රබල ඇමතිවරු රැසක් ගැලවෙයි! (Exclusive)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රටේත් වත්මන් යහපාලන ආණ්ඩුවේත් ඉදිරිගමන වෙනුවෙන් විශේෂ කැබිනට් සංශෝධනයක් මේ සතියේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ “රීඩ් ශ්‍රී ලංකා” වෙත වාර්තාවේ. මෙම කැබිනට් සංශෝධනය හරහා දැනට දූෂිතයැ’යි ජනතා අප්‍රසාදයට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසකගේ අමාත්‍යධුර වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකොට ඇති අතර ඒ පිළිබඳව අග්‍රමාත්‍ය …
Continue Reading
ද්විත්ව පුරවැසිභාවය හිමි මැති ඇමතිවරු ගැන තොරතුරු එළියට!
-
RSL
-
May 18, 2017
-
දේශපාලන
-
0 Comments
ද්විත්ව පුරවැසිභාවට ඇති සහ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු කවුද යන්න ලබන මාසයේ මුල් සතිය තුළදී රටටම ප්‍රසිද්ධ කරන බව පාෆරල් සංවිධානය සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ පුරවැසිභාවයන් පිළිබඳ ඊයේ (17) ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා සිටි බවද එම සංගමයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. අදාළ පනත අනුව ඉල්ලා සිටි තොරතුරු වැඩකරන …
Continue Reading
මෛත්‍රි තරම් දුක් ගැහැට විඳි නායකයෙක් ශ්‍රීලනිපයේ නැහැ
මෛත්‍රිපාල සිරිසේන මහතා තරම් දුක් ගැහැට විඳි තවත් නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එදා මෙදා තුර නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සඳහන් කරයි. පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් ඉන්පසු නායකත්වයට පත් සිරිමාවෝ මැතිනියත් එදා පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ තාඩන පීඩනයන්ට ගොදුරු වූ බවත් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කිරීමෙන් පසු ජනතා නියෝජිතයන් පක්‍ෂය හැරගිය බවත් චන්ද්‍රිකා මැතිනියද …
Continue Reading
මේක රට කැබලි කොට විදේශිකයින්ට විකුණන ආණ්ඩුවක් – මහින්ද
ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ ඊයේ (01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි. අනෙක් අතට රට කැබලි කොට බන්දේසියක තබා විදේශ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට ලබාදෙමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ජනතාවගෙන් …
Continue Reading
වැඩකරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති රනිල්
තරගකාරී ලෙස රටේ නිෂ්පාදනය වැඩි කර ලැබෙන ලාබය හාම්පුතුන්ට පමණක් සීමා නොකර ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවට ලබා දිය යුතු බවත් වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කය බැවින් ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීමට රජය සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, කැම්බල් පිටියේ ඊයේ (01) පැවැති …
Continue Reading
පැරදුණු පක්ෂය යළි ජයග්‍රහණය කරවනවා; කළ පාවාදීම් අපි දන්නවා – ජනපති
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පසුගිය කාලය පුරා කිසිවක් නොකරමින් පක්ෂයේ ගමන් මඟට බාධා එල්ල කළ උදවිය පක්ෂය සඳහා නව ආසන සංවිධායකරුන් පත්කළ අවස්ථවේ පක්ෂය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරමින් නිවේදන නිකුත් කළ බවත් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන වෙනත් තැනක ජත්‍යන්තර කම්කරු දිනය පවත්වන අතර තුර මොවුන් මෙම චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග …
Continue Reading
විවේචන හමුවේ ආණ්ඩුව ෆීල්ඩ් මාෂල්ව හත්පලේ ගා ගනිති
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විශේෂ බලතල සහිතව වෘත්තීය සමිති සහ රජයට එරෙහි අරගල මර්දනය සඳහා ජනපතිවරයා විසින් විශේෂ පත්වීමක් ලබාදීමට යන බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අනාවරණය කිරීමත් සමඟම රජයට සම්බන්ධ පාර්ශව විසින්ම දැඩි විරෝධයක් සහ විවේචනයක් රජයට එරෙහිව එල්ලවන්නට පටන් ගෙන තිබේ. එම විරෝධයෙන් බේරීම සඳහා මේ වන විට රජයේ අමාත්‍යවරුන්ම ඊට ස්ථාවර ප්‍රතිචාරයක් …
Continue Reading
ජනාධිපතිවරණයෙන් පස්සේ කුණු කන්ද ඉවත් කරන්නයි හිටියේ – කු.පා.ම. මහින්ද
-
RSL
-
April 24, 2017
-
දේශපාලන
-
Mahinda Rajapaksha
-
0 Comments
යුද්ධය අවසන් කිරීමට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීම නිසා බලයේ සිටි කාලයේදී මීතොටමුල්ල කසළ කන්ද ඉන් ඉවත් කිරීමට නොහැකි වූ බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පැවැසීය. අලුත් අවුරුදු උදාවෙන් පසු ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ …
Continue Reading
ජනපති නව දේශපාලන ප්‍රවේශයකට සැරසෙයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් …
Continue Reading