පොහොට්ටුව දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයට පමණයි..
චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කරයි. එනිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ තම පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයාම බවද ඇය කියා සිටියාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ සඳහා වන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඇය මේ අදහස් පළ කරන ලදී.
Continue Reading
ලාංකිකයන් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වෙත..!
රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්‍රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී. මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති, රණවිරු පවුර සංවිධානයේ සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතාත්, රණවිරු …
Continue Reading
සජිත්ට දුරකතනය අහිමිවෙයි..? SJB ජංජාලයක… සේනක උසාවියට.. (Video)
සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා’යැයි පවසන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන …
Continue Reading
යුද්ධයේදී මියගිය හා ආබාධිත සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ට 55න් පසු වැටුප තවදුරටත්…!
යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට. යුද්ධයේදී මියගිය සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් වෙත සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණ වන තෙක් වැටුප් හිමිගන්වන ලද අතර, මේ වන විට වයස …
Continue Reading
මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි..!
රටකට ව්‍යවසායකත්ව මනසක් නැති වූ විට සිදුවන්නේ කොහේ හෝ රටක ඇති සැලසුමක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන විත් බැස්සවීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එවන් තත්ත්වයක් යටතේ අනාගතය වෙනස් වේ යයි කෙසේ විශ්වාස කළ හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹදී පවත්වන ලද විද්වත් සංවාදයක් අමතමින් ඔහු මේ බව කියා …
Continue Reading
කැලේ (ඇඳුම) මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ.. ජවිපෙ පුරුදු පාරේම අදත් එනවා…
ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම පක්ෂයේ කේඩි ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ …
Continue Reading
ආර්ථික අර්බුදයත් සමගින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමියි…!
පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ශේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය. කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇතිබව වැඩිදුරටත් පැවසීය
Continue Reading
විදුලි ගාස්තු පහලට.. අනුමැතියට මහජන උපයෝගිතා කොමිසමට…
විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහිදී යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. මෙලෙස විදුලි බිල අඩුකිරීමට හැකියාව ලැබී ඇත්තේ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික පද්ධතියට මෙගාවොට් එකසිය විස්සක ධාරිතාවක් වීම නිසාවෙනි. කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය …
Continue Reading
මව්බිම් ජනතා පක්ෂයේ නායක දිලිත් ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණයට පැල බෙදයි..!
මහවැලි සහ කැළණි ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණය කිරිම සදහා පලතුරු පැළ බෙදා දිදේ උත්සවයක් මව්බිම් ජනතා පක්ෂයේ නායක සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණ. ගිනිගත්හේන ජාතික පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රිජිත් මහතා සහ එම පාසලේ පරිසර ඒකකයේ ළමුන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. විහාරස්ථානය වෙත පැමිණි දිලිත් ජයවිර මහතාව එම පාසලේ …
Continue Reading
විපක්‍ෂයේ 20ක් ජනාධිපතිට සහය දෙන්න සාකච්ඡා..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15-20 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා සහාය දෙන ලෙස ජනාධිපතිවරයා පසුගිය මැයි දින රැලියේදීද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ආරාධනා කළේය. …
Continue Reading