විපක්‍ෂයේ 20ක් ජනාධිපතිට සහය දෙන්න සාකච්ඡා..

Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15-20 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා සහාය දෙන ලෙස ජනාධිපතිවරයා පසුගිය මැයි දින රැලියේදීද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ආරාධනා කළේය.

කෙසේ වෙතත් පක්ෂය මේ සඳහා විරුද්ධ වුවද ඊට සහාය ලබාදීම සඳහා විපක්ෂයේ මධ්‍යවරුන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා ද පැවැත්වී ඇත.

එම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද මේ පිලිබදව සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වෙයි. එසේම ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවට ‍ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

Related Posts