සජිත්ට දුරකතනය අහිමිවෙයි..? SJB ජංජාලයක… සේනක උසාවියට.. (Video)

Spread the love

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා’යැයි පවසන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි.

දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිඳු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවයි ඔහු කියන්නේ. ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බව ඔහු සඳහන් කරනවා.

“සමගි ජන බලවේගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේ දී ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක්ම එයි. අපි සමගි ජන බලවේගය පක්ෂයේ බලය ලබා ගන්නවා. මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා. ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින් තමා සජිත් ප්‍රේමදාසයි, රංජිත් මද්දුමබණ්ඩාරයි අත්සන් කරලා තියෙන්නේ. අපි ලොකු කැප කිරීමක් කළා.

ලොකු ගණන්වල‌ට මිලියන 100ට 200ට පක්ෂ විකිණෙන්නේ. අපි එහෙම විකිණුන අය නෙමෙයි. සජිත්ගේ නායකත්වය පිළිනොගන්නා තත්ත්වයකට මේ පක්ෂය ගෙන එන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව ගහන්නම්.

අපි නඩු දලා තියෙන්නේ. හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් එයි ඉස්සරහට. අපේක්ෂකකමටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ. මේ ලකුණෙන්නම් ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ මහත්තයෝ. එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ. අපි මේ පක්ෂයේ බලය ගන්නවා.

ඩයනා ගමගේ මැතිණිය ශ්‍රී ලංකාවේ ඉපදිලා අවුරුදු 16 දී තමා එංගලන්තයට යන්නේ. ඒ ගිහින් බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් ගත්තා කියලා එයා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙන්නේ නෑ. බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක බාර දිලා තමයි ඇය නැවත ලංකාවට එන්නේ. බ්‍රිතාන්‍ය කාන්තාවක් ලෙස මේ ලංකාවට ඇවිල්ලා කරපු සේවයට මම යෝජනා කරනවා ජනාධිපතිතුමාට ඕල්කොට්තුමාට සහ ආතර් සී ක්ලා‍ර්ක් මහතාට පුරවැසිකම දුන්නා වගේ ඩයනාටත් තව අවුරුදු 10ක් ආපස්සට දාලා පුරවැසිකම දෙන්න කියලා. එතකොට ඒ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. ඩයනා ලොකු සේවයක් කළා. ඩයනාගෙන් පළිගන්න එක නවත්වන්න.

මෙයාට ගෙවපු පඩිනඩි ටික ගන්න ඕනේ කියලා කියනවා මම දැක්කා. බ්‍රිතාන්‍යයෙන් ගෙනැල්ලා මේ පඩියට දැම්මොත් එහෙම ඇබෑර්තුවක් දිලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කියලා අඩු තරමේ ලක්ෂ 100ක් වත් ඉල්ලයි වැඩ කරන්න. ඇත්තටම නඩුවක් ගියොත් පාර්ලිමේන්තුවට වෙනවා ඩයනාට ගෙවන්න.

සමගි ජන බලවේගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ආන්දනාත්මක නඩු තීන්දු කිහිපයක්ම එනු ඇති බවත් පක්ෂයේ බලය තමන් විසින් ලබාගන්නා බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related Posts