ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම පක්ෂයේ කේඩි ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවයි.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
88, 89 කාල වකවානුවේ දස දහස් ගණනකගේ මරණයට පාර කපපු දේශපාලය නැවත මතුවෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සුළු සාමාජිකයන් පිරිසක් සිටින කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රාමීය කමිටු හරහා යුක්ති පසඳලීම සිදු කළා අපිට මතකයි. ඒ හරහා පුද්ගල ඝාතන රැසක් සිදු වුණා.
ඔවුන් නඩු අහල පුද්ගලයන්ට දඬුවම් නියම කළා. සමහර පිරිස් ඝාතනය කළා. මයිකල් රොද්‍රිගෝ පියතුමා, මොරටුව සරසරවියේ උපකුලපතිවරයා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර වගේ පුද්ගලයන් මරා දමන්න තීරණය කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඔවුන් යුක්තිය පසඳලීම කළේ එහෙමයි.
ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදි ක්‍රියාදාමයට, මතවාදයට විරුද්ධ පිරිස ඔවුන් මරා දැම්මා. ඒ ත්‍රස්තවාදි ව්‍යාපාරයේ නායකයෙක්ව සිටි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ මැයි දිනයට පැමිණි සෙනඟ දැකලා ඔහුට කියවුණා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය සහ අධිකරණ බලය ලබාදෙනවා කියලා.