‘ලංකා ඊ නිව්ස්’ වාරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හඬ නඟයි
ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල වාරණය කිරීමට මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ගත් පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, ජනමාධ්‍ය ඇමැතිගෙන් සහ ටෙලිකොම් බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම …
Continue Reading
උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …
Continue Reading
ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..
“මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක… දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර ගන්න ශක්තියක් නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ..” උපුටා ගැනීම: ඕෂල හේරත්ගේ මුහුණු පොතෙන් “දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ …
Continue Reading
මංගලගේ මංගල අයවැයේ ගණන් හිලව් මෙන්න
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර …
Continue Reading
මුදල් ඇමතිගේ අය වැය කතාව අද පස්වරු 3 සිට
2018 වසර සදහා වන රජයේ අය වැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. 2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2175ක්. රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් …
Continue Reading
කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි – ජනපති (Video)
බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය …
Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට
අද මධ්‍ය රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර ඇති බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ඒ අනූව, ආනයනික භාණ්ඩ සඳහා පනවා තිබූ, විශේෂ වෙළද භාණ්ඩ බද්ධ පරිප්පු, හාල්මැස්සන්, අර්තාපල්, ලොකුලූණු සහ පොල් තෙල්, ෆාම් ඔයිල් යන භාණ්ඩ සඳහා අඩු කර තිබෙනවා. එය ප්‍රකාශයට පත් කෙරුණා, මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී. මුදල් හා …
Continue Reading
මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාගේ එළිය ජනපතිට අල්ලයි
පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සහ කළු සල්ලි සුදු කිරීම වෙනුවෙන් වියත්මඟ සහ එළිය නැමැති ව්‍යාපාරය ක්‍රියාත්මක බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ගෝඨාගේ එළියේ කැඳවුම්කරු වූ මැදගොඩ අභයතිස්ස හිමි මේ වන විට උපක්‍රමිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම එළිය අල්ලමින් යන බවක් පෙනෙන්නට තිබේ. මේ වන විට රට පත්ව ඇති තත්ත්වය තුළ ලංකාවට බේරා ගත …
Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වැඩ වර්ජනයක්
-
RSL
-
November 8, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
අද රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒ, වැටුප් විෂමතාවට ස්ථිර විසඳුමක් ඉල්ලමිනි. දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ සංගම්වල සාමාජිකයින් මීට එක්වන බව ය.
Continue Reading
තෙල් පෝලිම් අවසන් වෙන ලකුණු : පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාවක් පැමිණේ
-
RSL
-
November 8, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, එය දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් ම විසිඳෙනු ඇති බව ය. ලබන 11 වන දා ඉන්ධන රැගත් තවත් නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිත ය. ඉන් රැගෙන එනු ලබන ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික්ටොන් 15000කි. උපාලි මාරසිංහ මහතා සඳහන් …
Continue Reading