මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාගේ එළිය ජනපතිට අල්ලයි

Spread the love

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සහ කළු සල්ලි සුදු කිරීම වෙනුවෙන් වියත්මඟ සහ එළිය නැමැති ව්‍යාපාරය ක්‍රියාත්මක බව ප්‍රසිද්ධ රහසකි.

එහෙත් ගෝඨාගේ එළියේ කැඳවුම්කරු වූ මැදගොඩ අභයතිස්ස හිමි මේ වන විට උපක්‍රමිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම එළිය අල්ලමින් යන බවක් පෙනෙන්නට තිබේ.

මේ වන විට රට පත්ව ඇති තත්ත්වය තුළ ලංකාවට බේරා ගත හැකි එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. ඊයේ(07) පැවති එළිය සංවාද කවයේ මාධ්‍ය හමුවට එක් වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.

පොදු විපක්ෂයේ ඉල්ලීම් සියල්ලටම රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කථා කර එය ටික කාලයකට පසු බෑමක් පෙන්නුම් කළ ද එය කිසි විටෙකත් අවසන් ප්‍රතිඵලය නොවන බව ද අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය තුළ රට මෙම සියලු කරුණුවලින් බේරා ගැනීමට බලය හා ශක්තිය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වන බව ද උන් වහන්සේ පැවසීය.

RSL

Related Posts