උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!

Spread the love

සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය.

සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව සහ අනෙතුත් නීතී රීති වලට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඒ මහතා නිකුතුකල ලිපිය මගින් පෙන්වා දෙයි.

මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් සයිටම් ගැටළුවට ස්ථීර විසඳුමක් ඉල්ලා දෙමාපියන් 05 දෙනෙකු විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ අවසන් කෙරින.

නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔවුහු එම උපවාසය අත්හැරියහ. සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබීය.

RSL

Related Posts