මංගලගේ මංගල අයවැයේ ගණන් හිලව් මෙන්න

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ.

යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවන අයවැය මෙය වන අතර මංගල සමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට ලබන 16 වන දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 16 වන දින පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 17 වන දින සිට දෙසැම්බර් 09 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර 09 වන දින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ඇත.

මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද සවස 3.00 ට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.

RSL

Related Posts