කොකේන්, ගිනි අවි, මුදල් සහ වාහන සමග දෙමටගොඩ රුවන් ඇතුළු පාතාලයේ 8ක් STF දැලේ
පාතාල කල්ලි නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ සොහොයුරු ‘දෙමටගොඩ ‘රුවන්’ සහ කාන්තාවන් 3 දෙනකු ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලියක සාමාජිකයන් 8 දෙනකු ගිනිඅවි සහ කොකේන් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ බෝධිරාජ මාවතේදී ඊයේ (28 ) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී දෙමටගොඩ රුවන් ඔහුගේ පුත‍්‍රයා, පාකිස්තානුවකු, කාන්තාවන් තිදෙනකු සහ තවත් පිරිමින් තිදෙනකු අත් අඩංගුවට පත්ව ඇත. පොලිස් …
Continue Reading
කාලයකට පසු වසීම් තාජුදීන් ඝාතන නඩුවේ සැකකරුවන්ට නඩු පැවරීමට සැරසෙයි
ප්‍රවීන රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන අයට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව නීතිපතිවරයා අද(28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා …
Continue Reading
මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් එම බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබාදීම දුෂ්කර වැඩක් (වීඩියෝ)
මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් ආණ්ඩු කරද්දී ඔවුන්ට දඬුවම් දිය නොහැකි බවත් ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම් ඔවුන් නොමැති ආණ්ඩුවක් පැමිණිය යුතු බවත්, මහ බැංකු කොල්ලයේ කුණු කන්ද කොලොන්නාවේ කුණු කන්දටත් වඩා විශාල බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (27දා) පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා කොමිසමේ …
Continue Reading
වාසි වුවත් නැතත්, පැරැණි හෝ අලූත් ක‍්‍රමයට මැතිවරණය අත්‍යාවශ්‍යයි
විපක්‍ෂයට වාසි වුවත් නැතත් අලූත් ඡන්ද ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ඡුන්දය පවත්වනවාට තමා එකඟ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයන් සිය නිල නිවසේදී පසුගියදා (26) හමු වූ අවස්ථාවේදී ය. වැදගත් වන්නේ ඡන්ද ක‍්‍රමය නොව ඡන්දය පැවැත්වීම බව ද මෙහිදී විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය. යහපාලනයක මූලික …
Continue Reading
මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ජාතික ප්‍රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.
Continue Reading
ජාවාරම්කරුවන් සමඟ ඩීල්දමා කෝටිගණන් අල්ලස් ගත් FCIDලොක්කා ධුරයෙන් නෙරපයි; වෛද්‍යලංකාර ගැන විශේෂ පරීක්ෂණයක්!
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් අසීමිත ධනයක් සහ දේපළක් උපයා ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද විමර්ශන …
Continue Reading
මාධ්‍ය අපේ ඇඟේ තිබෙන දෙයක්
-
RSL
-
February 27, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනමාධ්‍ය සමඟ මෙන්ම ජනමාධ්‍යවේදීන් සමඟත් සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තීය නඟාසිටුවීමට උපරිම අන්දමින් කටයුතු කිරීම තම බලාපොරොත්තුව බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ප්‍රකාශ කෙළේය. ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (25) පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරමින්ය. එහිදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙසේද පැවැසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් …
Continue Reading
දූෂණ චෝදනා සමඟින් සනත් ජයසූරියගේ ක්‍රිකට් ජීවිතය අවසන් වෙයි!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක සනත් ජයසූරීයට ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ක්‍රිකට් වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතත් බලධාරීන් වෙතත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව අවස්ථා කිහිපයකදීම විමර්ශන දියත් කෙරුණු අතර 2017 වසරේ සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය …
Continue Reading
ශ්‍රමය වෙනුවට දැනුම විකුණන ආර්ථිකයට මාරු වෙමු
අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …
Continue Reading
රටේම මූල්‍ය වංචා ගැන බයිලා ගහන බන්ධුල, බැංකුවලට පොලු තබා කට්ටි පැන්න හැටි හෙළිවෙයි
රටේම මූල්‍ය වංචා සහ ආර්ථික බිඳවැටීම් ගැන මාධ්‍ය හමුවල මහා දේශන, තර්ක විතර්ක ගෙනහැර පාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාවක් සහ ණය මුදලක් නොගෙවා එම බැංකුවට පොලු තබා කට්ටි පැනමින් සිටින බව ඊයේ(26) අධිකරණය හමුවේ හෙළිදරව් විය. බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) …
Continue Reading