නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා 49ක් ඝාතනය කරයි; තවත් 20කට බරපතළයි (වීඩියෝ)

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි. වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි. නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා …

Continue Reading

බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම වෙනුවෙන් බැඳී සිටිනවා- ජනපති එක්සත් ජාතීන් ඉදිරියේ කියයි

බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබීය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර …

Continue Reading

රනිල් හොරගල් අහුලමින් ජනාධිපති හීන දකිනවා – මහාචාර්ය විජේසුරිය ප්‍රසිද්ධ වේදිකාවේ රනිල්ට පහරදෙයි

පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ඇතිවී තිබෙන බෙදීමෙන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතාද ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී. ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද …

Continue Reading

හතුරුසිංහ හදිසියේම යළි කැඳවයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 05 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව දෙරට අතර 20යි 20 තරගාවලියේ පුහුණුකාර ධූරය සඳහා ස්ටීව් රික්සන් පත් කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පස්වන හා අවසන් එක්දින …

Continue Reading

මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී වුණාට ප‍්‍රශ්ණයක් නෑ; ඔහු වෙනුවෙන් වැඩ කරන්න සූදානම් – බැසිල් පොහොට්ටුවේ ප‍්‍රතිපත්තිය කියයි

මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප‍්‍රශ්ණයක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂවරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්‍ෂ පැවසීය. කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද …

Continue Reading

ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ අතර පළමු සාකච්ඡා වටය සාර්ථකයි! දෙවන වටයටත් දින තීන්දුයි!

රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 21 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. අද(14) පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ජන පෙරමුණ නියෝජනය …

Continue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැන් සෙනසුරාදාත් වැඩ

ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග උපදෙස් දෙයි. එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙනි. ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම …

Continue Reading

ඇමති රවීගෙන් කාරුණික ඉල්ලීමක්!

විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක, ” විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන …

Continue Reading

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්න යුනෙස්කෝ සංවිධානයට ජනපතිගෙන් යෝජනාවක්

ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ. ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඒ නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ …

Continue Reading

අයවැයේ සතුටට මංගලගේ මිල සූත්‍රයෙන් ඉන්ධන මිල යළි ඉහළට

අයවැයේ දෙවන වර කියවීම වැඩිඡන්දයෙන් සම්මත වීමත් සමඟ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ද ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද, …

Continue Reading