අභයාරාමයේ රතන සූත්‍රය සජ්ජායනා කිරීම

මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප ආදී හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ හෙවත් හිටපු ජනපතිවරයාගේ රක්ෂණාස්ථානයේ රතන සූත්‍රය සජ්ජායනා කොට රට පුරා පිරිත් පැන් ඉසින්නට වැඩ පිළිවෙලක් සකසා ඇති බවට පුවත් වාර්තා පළ වෙයි. රතන සූත්‍රය බුද්ධ කාලීන භාරතයේ දේශනා කරන්නට හේතු වූයේ විසාලා මහනුවර නම් නගරයේ ඇති වූ තුන් බියක් නිසා ය. ඇත්ත වශයෙන් ම එකී තුන් බියෙන් එක් බියක් වූයේ අමනුෂ්‍ය බිය …

Continue Reading

කලු කබාය සහ හිටපු ජනපති

සිය පුත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට කලෙකට පසුව නැවතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නීතිඥ කලු ලෝගුවට බැස්ස බව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය බොහෝ උත්කර්ෂයෙන් යුතු ව වාර්තා කළේ ය. මහින්ද රාජපක්ෂ තම කිසිදු සමීපතමයෙක් වෙනුවෙන් උසාවි නාවේ ය. අඩු ම තරමේ තම සොයුරා බැසිල් වෙනුවෙන්වත් මැදිහත් නොවූ අතර යෝෂිතගේ ප්‍රශ්නයට මෙසේ ආවේ ය. එය පියෙක් ලෙස කළ යුතු වුවත්, වෙනත් ප්‍රශ්නයක් ඇත. …

Continue Reading

මුසාවාදා වේරමණී සික්ඛා පදං

මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එන පාලි ගාථාවෙන් කියවෙන ශික්ෂා පදයෙහි අර්ථය මම බොරු නොකීම නමැති ශික්ෂා පදයට එකඟ වෙමි යන්නයි. එය කෝටියක් සංවර ශීලය රකින භික්ෂූන් වහන්සේලා පමණක් නොව සාමාන්‍ය ගිහියන් පවා පිහිටා සිටිය යුතු යැ යි බුදු දහමේ එන මූලික ශීලයන්ගෙන් එකකි. උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගිය කාලයේ හොර අලි කෙළියෙන් අලි පැටියෙක් ළඟ තබා ගත් බව ප්‍රසිද්ධ …

Continue Reading

ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර රැසක්

ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහතික වෙයි. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙ‍ළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍ය සංචාරයක …

Continue Reading

ඥානසාර හිමි 23 දක්වා යළි රිමාන්ඩ්!

පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16) එම චෝදනාවට අදාළ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව යි. මෙම සිදුවීමෙන් පසු බොදු බල සේනා හිමිවරුන් බොහෝ පිරිසක් කුපිතව උසාවිය අසල කලබල කළ අතර ඒ ගැන චෝදනා …

Continue Reading

සුනාමි මුදල් වංචා චෝදනාවට මහින්ද හිරේ නොයැවීම ගැන සරත් එන්. සිල්වා සමාව අයිදියි!

හෙල්පින් හම්බන්තොට නම් රාජ්‍ය නොවන සංවිධානයක හරහා සුනාමි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ ය. මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසා බව ද ඔහු කියා සිටියේ ය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, තමා එදා ඒ තීරණය ගත්තා නම් අද මේ …

Continue Reading

හමුදා සාමාජිකයන්ට නියම භාණ්ඩ මිලට ගැනීමේ ඉඩකඩ අහෝසියි?

නාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති සමාගමක කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට මෙතෙක් බාධාවක් තිබී නැත. 2015 වසරේ දී ද ක්‍රියාත්මක වූ මේ ක්‍රමය මේ වසරේ යම් වෙනසකට ලක් කර සමාගම් කිහිපයක් විසින් ලබා …

Continue Reading

සරත් එන්. සිල්වා යනු සැබැවින් ම මිනිසෙක් ද?

මෙරට නීති ඉතිහාසයේ අපකීර්තිමත් අගවිනිසුරුවරයා සරත් එන්. සිල්වා ය. ඔහුට එරෙහිව පළිගැනීමේ චෝදනාදිය විශාල ගණනකි. ඔහුගේ දේශපාලන ගේම් ආදිය ද එතරම් ම විශාල ගණනකි. අප ඒවා ගැන කිසිවක් ලියන්නට නොයන්නේ ඇයි? වෙනත් කටයුත්තකට අපට ඇති කාලය ඒවා ලියන්නට යෑමෙන් අපතේ යන නිසා ය. සරත් එන්. සිල්වා කවරෙක් ද යන්න රාවය කර්තෘ වික්ටර් අයිවන් ඇති පදම් ලියා තිබේ. සරත් එන්. සිල්වා …

Continue Reading

චෞර සේනාංකයේ භාෂ්වර සේනාංක දැන් කොහෙද?

භාෂ්වර සේනාංක ගුණතිලක යනු, මහින්ද රාජපක්ෂ රජයේ මහ බලවත්ව කටයුතු කළ අයෙකි. අමාත්‍යංශ කිහිපයක විවිධ ආයතනවල සභාපතිත්වය දැරූ ඔහු සිටියේ ඇමැතිවරයෙක්ට වඩා ගරු ගාම්භීරව ය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාව සිටිය දී ගිනි අවි දැරූ පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව තමා වෙනුවෙන් සපයා ගත් බව අපි දනිමු. කෙසේ වෙතත්, මේ බොහෝ එකල බලවතුන් දැන් ඉන්නවා ද මළා දැ යි නොදන්නා ගාණ ය. භාෂ්වර …

Continue Reading

රාජිත නොනැවතී ඉදිරියට!

මාලබේ ව්‍යාජ වෛද්‍ය විද්‍යාලය ඉදිරියට ගෙන යන ගමන සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න විසින් ඉතා ජයට නොනැවතී ඉදිරියට කරගෙන යනු ලබන බවට වාර්තා වෙයි. මෙරට බොහෝ මාධ්‍ය විසින් පෙන්වා දුන්න ද, විශ්ව විද්‍යාල සිසුන් කොතරම් උද්ඝෝෂණවල යෙදුණ ද, සිවිල් සංවිධාන විසින් එය ගැන මැදිහත් වන්නැයි රටේ ඉහළ ම තැන්වලට පෙන්වා දුන්න ද රාජිත විසින් සියලු දේ නොසලකා හැර අති අත්තනෝමතික ලෙස …

Continue Reading