හමුදා සාමාජිකයන්ට නියම භාණ්ඩ මිලට ගැනීමේ ඉඩකඩ අහෝසියි?

Spread the love

Sri-Lanka-armyනාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති සමාගමක කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට මෙතෙක් බාධාවක් තිබී නැත.

2015 වසරේ දී ද ක්‍රියාත්මක වූ මේ ක්‍රමය මේ වසරේ යම් වෙනසකට ලක් කර සමාගම් කිහිපයක් විසින් ලබා දුන් භාණ්ඩ එක් පුද්ගලයෙක් හරහා ලබා දීමට සැලසුමක් ඇති බව පුවත් ආරංචි මාර්ග රීඩ් ශ්‍රී ලංකා වෙත හෙළි කර සිටියි. සැම්සුන්ග් සමාගමේ යැයි කියාගන්නා නාලක නම් අයෙක් අමාත්‍යංශයේ මහජන සබඳතා අංශයේ ඉහළම බලධාරියෙකු හරහා ක්‍රියාත්මක කරන්නට කැසකවන මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් හමුදා සාමාජිකයන් වෙත තමන් කැමති සමාගමකින් භාණ්ඩයක් මිල දී ගැනීමට තිබූ නිදහස අහෝසි වී යනු ඇත. මෙම කුප්‍රකට මගඩියට කැසකවන නාලක නැමැත්තාට මීට අදාළ ව්‍යාපාරයක්ද නොමැති අතර ඔහු මේ සඳහාම කඩිමුඩියේ ව්‍යාපාරයක් ලියාපදිංදි කරගැනීමට කටයුතු කරමින් සිටින බවට වාර්තාවේ.

එය තුල අශුද්ධ දැවැන්ත කොමිස් ගනුදෙනුවක් ඇති බව පෙනී යන අතර මේ සැලසුම ක්‍රියාත්මක වීම තුළින් බලවත් අප්‍රසාදයක් මේ පිළිබඳ වගකිව යුතු අංශ වෙත එල්ලවීම වැළැක්විය නොහැකි වනු ඇත.

RSL

Related Posts