උඩුවේ හිමිට නඩු!
වන අලි පැටියෙක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීම ගැන කිරුළපන ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳ ව උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට එන බව ආරංචි වීමෙන් පපුවේ අමාරුව හදාගත් සේක. ඉන් පසුව ළහි ළහියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ උන්නාන්සේ තම මධුර කටහඬන් කියා සිටියේ කවුදෝ කෙනෙක් බලු පැටවුන් මෙන් අලි පැටියා තමන්ගේ පන්සලේ දමා ගොස් තිබූ නිසා කවා-පොවා හදා-වඩා ගත් …
Continue Reading
සතිඅග සළරුව – Cartel Land (2015)
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ ග්‍රහණයට නතුව අවනීතිය රජකරන අවිචාරවත් භූමියේ තතු රැගත් වාර්තාමය චිත්‍රපටයකි කාර්ටෙල් ලෑන්ඩ්. මෙක්සිකෝවේ මිචෝකාන් ප්‍රාන්තය මත් ජාවාරම්කරුවන්ගේ භීෂණයෙන් දැඩිව පීඩනයට පත් ප්‍රදේශයක්. එහි මිනිස්සුන්ට සාමයෙන් ජීවත්වන්න ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ඔවුන් සමඟ කවුරු කවුරුන් සම්බන්ධදැයි සොයන්නත් බැහැ. ජනාධිපතිවරයා සාමය ගැන කරන කතා මෙහි වැසියන්ට විහිළුවකට වැඩි යමක් නොවෙයි. නීතිය කියා සංකල්පයක් හෝ මෙම ප්‍රදේශ වල නොමැත්තේ, නීතිය …
Continue Reading
රාජපක්ෂ සමාගමේ කොටි සබඳතා හෙළිකෙරෙයි ද?
මහින්ද රාජපක්ෂ නඩය පෙනී සිටින්නේ මෙරට දේශප්‍රේමයේ පොල්මඃකරුවන් ලෙසිනි. එය ඔවුනට මැදමුලන වලව්වෙන් ලද බූදලයක් සේ ය. එහෙත් ඔවුන් කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව පසුගිය කාලයක් පුරා නොයෙක් විට මතු වූ කරුණකි. ඒවා වරින් වර මතු වී යටපත් වුණා විනා බරපතළ ලෙස හෙළිදරව්වීමක් වුණේ නැත. එයට ද බොහෝ හේතු බලපෑ බව ප්‍රකට කරුණකි. රාජපක්ෂවරුන් කොටින්ට මුදල් දුන් බවට පාර්ලිමේන්තුවේ …
Continue Reading
මහින්දගේ ශරීරාරක්ෂකයා තම වත්කම් සැඟවීමේ වෑයමක!
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂකයන් ලෙස කලු පැහැති ඉතිහාසයක් සහිත පුද්ගලයන් යොදාගෙන තිබෙන අතර, අනීතික ආකාරයෙන් ඔවුන් හමුදාවට ඇතුළත් කර උසස් නිලතල පිරිනමා ඇති බව පසුගිය දා හෙළිදරවු වූ කරුණකි. මේජර් තිස්ස යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව වාර්තා පළ විය. ඔහු මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හමුදා කඳවුරක සිටින බව සැලයි. දැනටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස සැලකෙන මේජර් …
Continue Reading
ඔෂෝ කල්ලිය ඇති කළ ජෛව ත්‍රස්ත ප්‍රහාර භීතිය!
දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා. ඔහු වයස විසි එකේදී “ඥානාවබෝධය” ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් “නායක හිමි” යන්නයි. ඔෂෝ 1971 වසරේ පටන් තමන්ව “භග්වාන් ශ්‍රී රාජ්නීෂ්” යනුවෙන් හඳුන්වාගත්තා. ඔහු දර්ශනවාදය පිළිබඳ මහාචාර්වය වරයෙක්. ඔෂෝ ගේ නව සන්‍යාසීය ඉගැන්වීම් …
Continue Reading
මේවා අහල පණ පලයං ලබන පෙරේදා!
මෙහි යොදා ඇති උධෘතය සාමාන්‍යයෙන් අප යොදන තාලයේ එකක් නොවේ. එනමුත්, මේ දැන් දැන් ලියන්නට සිදුව ඇති නරිනාටක නිසාවෙන් මෙවැනි උධෘත යෙදීමට සිදු වීම ගැන අප පාඨකයන් අපට සමාව දිය යුතු ය. මේවා ගැන ලිවිය යුත්තේ ගම්මැදි හෑලි යොදාගෙන බව සැකයක් නැත්තේ, මේ ප්‍රකාශ එතරම්ම විසුළුසහගත නිසා ය. ඊයේ (19) මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ …
Continue Reading
ෆීල්ඩ් මාර්ෂල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමත් එහි කටයුතු කිරීමටත් එරෙහි ව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ෆොන්සේකාට අමතරව, එ.ජා.ප මහලේකම්, කතානායක ඇතුළු පිරිසක් නම් කර තිබේ. එ.ජා.ප ජාතික ලැයිස්තුවේ නොසිටි අයෙක් එලෙස …
Continue Reading
ශ්‍රි.ල.නි.ප.ය දෙකඩ වුවත් පරික්ෂණ දිගට ම!
තම පවුලට එරෙහිව සිදු කෙරෙමින් යන පරික්ෂණ කටයුතු නවතා දැමෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් විශ්‍රම ගැනීමට වුව ද සූදානම් බව ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි. දැනගන්නට තිබෙන පරිදි මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද දන්වා ඇත. නව පක්ෂයක් සෑදීමේ මූලික අරමුණක් ලෙස මේ කෙරෙන පරික්ෂණ කටයුතු නවතා ගැනීම ද හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් …
Continue Reading
ජන විරෝධය නොතකා ETCA අත්සන් තැබෙන ලකුණු!
අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ කිසිදු විරෝධයක් නොතකා ETCA ගිවිසුම අත්සන් කරන්නට යන බව යි. බොහෝ ක්ෂේත්‍රවල මේ සම්බන්ධයෙන් වන විරෝධය පැන නැගී ඇති අතර යහපාලන මූලධර්මවලට අනුව නම් මෙවැනි විවාදාපන්න තත්වයක දී යම් කරුණක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පුළුල් මහජන කතිකාවක් ඇති විය යුතු ය. මෙලෙස අත්තනෝමතිකව ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරන්නට උත්සාහ දැරෙන්නේ ඇයි දැ …
Continue Reading
මහාමාර්ගයේ කන්දොස්කිරියාවට වැට බැඳෙයි!
අධික ශබ්ධයෙන් යුත් වාහන නලා මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය වැලැක්වීමට හෙට දින (පෙබරවාරි 19) මධ්‍යම පරිසර අධිකාරිය මගින් වැටලීම් සිදු කරන බව වාර්තා වෙයි. ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදන අනුව වන හඬ සීමාවන් උල්ලංඝනය කෙරෙන වාහන ඒ අනුව වැටලීමට ලක් වෙයි. මෙම වැටලීම් සිදු කිරීම අතිශයින් වැදගත් කටයුත්තකි. මෙරට රිය පදවන බොහෝ දෙනෙක් වැඩියෙන් ම භාවිත කරන වාහනයේ ඇති …
Continue Reading