මාලබේ ව්‍යාජ වෛද්‍ය විද්‍යාලය ඉදිරියට ගෙන යන ගමන සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න විසින් ඉතා ජයට නොනැවතී ඉදිරියට කරගෙන යනු ලබන බවට වාර්තා වෙයි. මෙරට බොහෝ මාධ්‍ය විසින් පෙන්වා දුන්න ද, විශ්ව විද්‍යාල සිසුන් කොතරම් උද්ඝෝෂණවල යෙදුණ ද, සිවිල් සංවිධාන විසින් එය ගැන මැදිහත් වන්නැයි රටේ ඉහළ ම තැන්වලට පෙන්වා දුන්න ද රාජිත විසින් සියලු දේ නොසලකා හැර අති අත්තනෝමතික ලෙස සිය කටයුතු කරගෙන යන බව දකින්නට ඇත. ඇත්තට ම මෙය යහපාලනයක් නොව රාජිත පාලනයකි. මෙයට පෙර එළවා දමන ලද මහින්ද රජය පවා මෙම ප්රශ්නයේ දී මෙතරම් අත්තනෝමතිකව හැසිරී නැත.
සෞඛ්‍ය ලේකම්වරයා විසින් අවිස්සාවේල්ල රෝහල් අධිකාරිවරයා වෙත,(එහි විශේෂඥ වෛද්‍යවරුන්ට ද පිටපත් ලැබෙන සේ) යවා ඇති ලිපියකින් මේ ව්‍යාජ වෙද සිසුන්ට සායනික පුහුණුව දෙන්නැයි ඉල්ලා ඇති බව වාර්තා වෙයි. මෙය නීතිවිරෝධී කටයුත්තක් සහ ආචාරවිරෝධී කටයුත්තක් බව සක් සුදක් සේ පැහැදිලි ය. වෛද්‍ය සභාව විසින් අනුමැතිය නොදුන් මේ ව්‍යාජ වෛද්‍ය විදුහලට මෙසේ පහසුකම් සපයන්නේ, කුමන හේතුවක් නිසා ද? ඔහු ජනතා මුදලින් වැටුප් ලබන්නෙක් ද? මෙම සයිටම් ආයතනයෙන් වැටුප් ලබන්නෙක් ද?
එක් දෙයක් පැහැදිලිය. මෙරට කිසිම බලවේගයකට යටත් නොවන මහා බලයක් රාජිත සේනාරත්න ඇමැතිවරයාට ඇති බව ය.