එක්නැළිගොඩ නඩුව අහක යයි ද?

ඝාතනය කර දැමූ බව පැවසෙන වසර කිහිපයක සිට අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ නඩුව සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් මතුව ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විමසා ඇත්තේ ඝෘජු හෝ පර්යේෂණාත්මක සාක්‍ෂි නොමැතිව හා සාධනීය සාක්‍ෂි නොමැතිව නඩුව පවත්වාගෙන යන්න හැකියාවක්‌ ඇත්තේ ද යනුවෙනි. පරිකල්පන මත පමණක් මෙම නඩුව පවත්වාගෙන යා හැකි දැ යි ඔහු …

Continue Reading

SAITM අහෝසි කරන්නැ යි ඉල්ලා සිසු ගඟක් ඉදිරියට!

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැ යි ඉල්ලා ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත වූ ශිෂ්‍ය පෙළපාලියක් මේ වන විට කොළඹට ඇදෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කළේ ය. මේ වන විට බේස්ලයින් පාර හරහා ඔවුන් කොළඹට ඇතුල්වෙමින් සිටින බව ඔහු පවසයි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව බොහෝ උද්ගෝෂණ පැන නැගුණු අතර මේ වන තෙක් එය නිමක් …

Continue Reading

රනිල්..! රට්ටු හිනස්සන්න එපා!!

විරෝධතාවලට එරෙහි විරෝධතා ගැන අපි මෙයට පෙරද ලිපියක් ලියා තැබුවෙමු. මහින්ද රාජපක්ෂ රෙජිමය අනුදැන කරගෙන ගිය අන්ත ගොබ්බ ක්‍රියාවක් වූ එවැනි දේවල් අප විවේචනය කළේ ඒවා යටින් දිවෙන අධමභාවය නිසා ය. නීචත්වය නිසා ය. කෙසේ වෙතත් මහින්දලා ඒ කරපු පහත් වැඩේ වුවත් හරියට කරනු ලැබූ බව වැඩක් හරියට කිරීම පිළිබඳ ගෞරවය පිණිස සටහන් කර තබමු. දැන් අගමැති රනිල්ගේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග …

Continue Reading

ඝාතකයාට මරණ දඬුවම! සියල්ල අවසන් ද?

ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචිකරුවකු වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට අද දින අධිකරණයෙන් මරණ දඬුවම ලබා දෙනු ලැබුවේ සේයා සදෙව්මි නමැති දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට, දූෂණය කොට මරා දැමීම යන චෝදනාවලට වැරදිකරු කරමිනු යි. මෙම සේයා නම් දැරිවියගේ ම්ලේච්ඡ ඝාතනය මෙරට ජනසමාජය අතිමහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ අතර මෙහි දී අතිශය අමනෝඥ ලෙස ක්‍රියා කළ කොටදෙණියාව පොලිසිය …

Continue Reading

ඇමැති චම්පිකගේ දුරකතන වාර්තා පරික්ෂාවට!

පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී සිදු වූ රිය අනතුර පිළිබඳව කෙරන පරික්ෂණ සඳහා මහනගර ඇමැති පාඨලී චම්පික රණවකගේ දුරකථන වාර්තා පරික්ෂා කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇත. මේ අනතුරෙන් තරුණයෙක් තුවාල ලබා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එසේ තිබිය දීත් ඇමැතිවරයාගේ රියදුරා ඇප පිට නිදහස් විය. සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී ද පොලිසිය මන්දගාමීව කටයුතු කරනු …

Continue Reading

රට පුරා විදුලිය කප්පාදුවක්!

පසුගිය දා මුළු රටට ම සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය මුළුමනින් ම බිඳ වැටී ඇතැ යි වාර්තා වෙයි. එයින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක පමණ ධාරිතාවක් අහිමි වන බවත් ඒ හේතුවෙන් සමස්ත විදුලි අවශ්‍යතාවෙන් මෙගාවොට් 400ක පමණ හිඟයක් ඇතිවෙන බවත් වාර්තා වෙයි. ඒ අනුව රටපුරා ප්‍රදේශ අනුව නොදන්වා කෙරෙන විදුලි කප්පාදුවක් නුදුරේ ක්‍රියාත්මක …

Continue Reading

යෝෂිත ඇතුලු පිරිසට ඇප!

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් නාවික නිලධාරි යෝෂිත රාජපක්ෂ සහ අනෙක් සිව් දෙනා අද දින ඇප පිට නිදහස් කර ඇත. මාස එකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත සහ පිරිස ඇප පිට නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි. බැසිල් රාජපක්ෂ ද මෙයට පෙර අත්අඩංගුවට පත් ව ඇප …

Continue Reading

විලි ලැජ්ජා නැති ආණ්ඩුවක්!

කිසි ම සහනයක් මේ ආණ්ඩුව ජනතාවට දුන්නේ නැත. ආ දවසේ සිට පැරණි හොරකම් ගැන දෙඩෙව්වා විනා කළ මගුලක් ද නැත. රාජපක්ෂ සනුහරේ හොරකම් කළවුන් ගෙන් එකෙක්වත් තව ම දඬුවම් වින්දේ ද නැත. අය-වැය යනුවෙන් ගෙන කඩමාලේලෙන් රට සංවර්ධනය කරන්නටවත්, ජනතාවට සහන දෙන්නටවත් සත පහක දෙයක් කළේ ද නැත. අගමැතිවරයා කරන්නේ උද්දච්ච ලෙස අන් අයගේ මත පාගා දැමීම පමණි. ඒ මදිවාට …

Continue Reading

උඩුවේ හිමිට ඇප නොගත්තේ දේශපාලන වාසියට?

නීති විරෝධීව වන අලි පැටියෙක් ළඟ තබා ගැනීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා ගැනීමට නීත්‍යානුකූල අවකාශ තිබිය දී ඇප නොගෙන සිටීම පිටුපස මහින්ද රාජපක්ෂගේ දේශපාලන වුවමනාව ක්‍රියාත්මක වී ඇති බවට මතයක් පළවෙයි. සාමාන්‍යයෙන් පොදු දේපළ පනත යටතේ සැකපිට අත්අඩංගුවට පත් වූවෙකුට ඇප ලබා ගැනීමේ හැකියාව තිබුණ ද උඩුවේ හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනා අධිකරණයෙන් ඇප …

Continue Reading

තව නව බදු! රාජ්‍ය ආයතනද විකිණෙයි!!

පසුගිය දා අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් බදු වර්ග කිහිපයක් හදිසියේ ඉහළ දැමීමට කටයුතු කළේ ය. කිසිදු ආර්ථික පෙර දැක්මකින් තොරව බදු වලින් පමණක් ගොඩ යන්නට සැලසුම් කළ අය-වැයක් නිසාවෙන් වසර මැද දී අය-වැය පරතරය ඉහළ ගොස් රට අර්බුදයට යාම අනිවාර්යෙන් සිදුවන්නකි. ජාතික ආදායමටත් වඩා කෝටි 17900ක් ණය ගෙවීමට මේ වන විට වැය වන බව දැනගන්නට ඇත. මේ සියලු අර්බුදවලට …

Continue Reading