තව නව බදු! රාජ්‍ය ආයතනද විකිණෙයි!!

Spread the love

ranil tax

පසුගිය දා අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් බදු වර්ග කිහිපයක් හදිසියේ ඉහළ දැමීමට කටයුතු කළේ ය. කිසිදු ආර්ථික පෙර දැක්මකින් තොරව බදු වලින් පමණක් ගොඩ යන්නට සැලසුම් කළ අය-වැයක් නිසාවෙන් වසර මැද දී අය-වැය පරතරය ඉහළ ගොස් රට අර්බුදයට යාම අනිවාර්යෙන් සිදුවන්නකි. ජාතික ආදායමටත් වඩා කෝටි 17900ක් ණය ගෙවීමට මේ වන විට වැය වන බව දැනගන්නට ඇත.

මේ සියලු අර්බුදවලට විසඳුම ලෙස තවත් ඉදිරියේ දී විශාල වශයෙන් බදු වැඩි කරන්නට ආණ්ඩුව සැලසුම් කර ඇති බව ද රාජ්‍ය ආයතන බොහෝ ගණනක් විකුණා දමන්නට සැලසුම් කර ඇති බව ද දැනගන්නට ඇත.

නිෂ්පාදන ආර්ථිකයක් හෝ සංචාරක ආර්ථිකයක් හෝ කිසිදු ආර්ථික පෙර දැක්මක් මේ රජයට ඇති බවක් මේ වනතුරු පෙන්වන්නට රජය සමත් වී නැත. රට යමින් තිබෙන්නේ මහත් භයානක අඩියකට බව පැහැදිලි ය.

RSL

Related Posts