උඩුවේ හිමිට ඇප නොගත්තේ දේශපාලන වාසියට?

Spread the love

uduwe 2

නීති විරෝධීව වන අලි පැටියෙක් ළඟ තබා ගැනීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා ගැනීමට නීත්‍යානුකූල අවකාශ තිබිය දී ඇප නොගෙන සිටීම පිටුපස මහින්ද රාජපක්ෂගේ දේශපාලන වුවමනාව ක්‍රියාත්මක වී ඇති බවට මතයක් පළවෙයි. සාමාන්‍යයෙන් පොදු දේපළ පනත යටතේ සැකපිට අත්අඩංගුවට පත් වූවෙකුට ඇප ලබා ගැනීමේ හැකියාව තිබුණ ද උඩුවේ හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනා අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේ නැත. ඇප ලබා ගන්නට කටයුතු කරනු ලැබුවේ පසු අවස්ථාවක ය.

මෙම නීතිඥයන් දෙදෙනා ම ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමේ විද්වත් මණ්ඩලය නියෝජනය කරන බව දැනගන්නට ඇත. භික්ෂූන් වහන්සේලා සිරගත කරමින් මේ රජය බෞද්ධ විරෝධී ගමනක යන්නේ යැ යි මේ හරහා කියන්නට උත්සාහ ගත්ත ද රටෙහි ජනතාව වෙතින් මේ පිළිබඳව ලැබුණේ ඉතා ඇල්මැරුණු ප්‍රතිචාරයකි. වරදක් කර තිබේ නම් දඬුවම් විඳිය යුතු ය යන්න බොහෝ දෙනා ගේ අදහස විය.

RSL

Related Posts