රනිල්..! රට්ටු හිනස්සන්න එපා!!

Spread the love

ranil pleas

විරෝධතාවලට එරෙහි විරෝධතා ගැන අපි මෙයට පෙරද ලිපියක් ලියා තැබුවෙමු. මහින්ද රාජපක්ෂ රෙජිමය අනුදැන කරගෙන ගිය අන්ත ගොබ්බ ක්‍රියාවක් වූ එවැනි දේවල් අප විවේචනය කළේ ඒවා යටින් දිවෙන අධමභාවය නිසා ය. නීචත්වය නිසා ය. කෙසේ වෙතත් මහින්දලා ඒ කරපු පහත් වැඩේ වුවත් හරියට කරනු ලැබූ බව වැඩක් හරියට කිරීම පිළිබඳ ගෞරවය පිණිස සටහන් කර තබමු.

දැන් අගමැති රනිල්ගේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධනය කරන්නට ද එවැනි පහත් පෙළේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව දක්නට ලැබෙයි. ඒත් ඒ හත්පොළේ ගා ගනිමිනි. මේ ඊනියා විරෝධතාවලට ගෙන්වනු ලැබූ මිනිසුන්ගේ සේයාරුවක් ඉහතින් දැක්වේ. දුවට පුතාට රස්සාවක් හෝ අතට මුදලක් හෝ නිසාවෙන් ආ මේ මිනිසුන් කෙරෙහි කරුණාවෙන් අන් මාධ්‍යකරුවන්ට වෙසෙස් ව අපි මේ අයගේ දෙඇස් ආවරණය කළෙමු.

අගමැති රනිල්!

කරුණාකරල රට්ටු හිනස්සන වැඩ කරන්න එපා..

RSL

Related Posts