යෝෂිත ඇතුලු පිරිසට ඇප!

Spread the love

yoshitha 2

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් නාවික නිලධාරි යෝෂිත රාජපක්ෂ සහ අනෙක් සිව් දෙනා අද දින ඇප පිට නිදහස් කර ඇත. මාස එකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත සහ පිරිස ඇප පිට නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි.

බැසිල් රාජපක්ෂ ද මෙයට පෙර අත්අඩංගුවට පත් ව ඇප පිට නිදහස් වූ අතර ඔහුට විරුද්ධව චෝදනා සම්බන්ධයෙන් ද දැන් ඇත්තේ ඇල්මැරුණු තත්වයකි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ නම් බැසිල්ට සහ නාමල් රාජපක්ෂට ශ්‍රී.ල.නි.ප.යේ නිලතල කිහිපයක් හිමිවන බවට සමහර පුවත්පත් වාර්තා පළ කර තිබුණි.

ඉකුත් මහමැතිවරණයේ දී ජනතාව බලාපොරොත්තු වූයේ ජනතා මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑ වංචනිකයන් නීතිය ඉදිරියට පැමිණවීමයි.

RSL

Related Posts