විලි ලැජ්ජා නැති ආණ්ඩුවක්!

Spread the love

rdrd

කිසි ම සහනයක් මේ ආණ්ඩුව ජනතාවට දුන්නේ නැත. ආ දවසේ සිට පැරණි හොරකම් ගැන දෙඩෙව්වා විනා කළ මගුලක් ද නැත. රාජපක්ෂ සනුහරේ හොරකම් කළවුන් ගෙන් එකෙක්වත් තව ම දඬුවම් වින්දේ ද නැත.

අය-වැය යනුවෙන් ගෙන කඩමාලේලෙන් රට සංවර්ධනය කරන්නටවත්, ජනතාවට සහන දෙන්නටවත් සත පහක දෙයක් කළේ ද නැත. අගමැතිවරයා කරන්නේ උද්දච්ච ලෙස අන් අයගේ මත පාගා දැමීම පමණි. ඒ මදිවාට ගොන් ජෝක් ය. අය-වැය පරතරය පියවා ගැනීමට නොහැකිව වැට් බද්ද 15%කින් වැඩි කර පහළ පන්තිය අන්තිම දුක්ඛිතභාවයට ඇද දමන්නට ක්‍රියා කෙරිණ. පිටි රු.7කින් වැඩි කළේ ය. ලෝක වෙළඳපොලේ මෙතරම් තෙල් මිල අඩු වී තියෙද්දීත් තෙල් මිල සත පහකින් අඩු කළේ නැත.

නමුත් ආණ්ඩුවේ මැති ඇමැත්තන්ට නම් කරල පැහෙන බව පෙනෙන්නට තිබේ. නිල නිවාස, දුරකතන ආදී දීමනා අස්සේ සඟවා මැති ඇමැතියන්ට ලක්ෂ ගණනින් දීමනා ලබාගැනීමට කෙටුම් පත් සකසා ඇත.

ජනතාව දුක් උහුලන්නට, පටි තද කරගන්නට කියා ඔවුන් සියලු පටි බුරුල් කරති. මෙවන් විලිලජ්ජා නැති ආණ්ඩුවක් ඉතිහාසය පුරා බිහි වී නැත.

තමන් කිසිවක් නොදන්නේ යැ යි කියමින් මේ දේවල් දෙස බලා සිටින්නට නම් මේ රටට ජනාධිපතිවරයෙක් අවශ්‍ය වන්නේ ද නැත.

RSL

Related Posts