ඝාතකයාට මරණ දඬුවම! සියල්ල අවසන් ද?

Spread the love

seya

ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචිකරුවකු වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට අද දින අධිකරණයෙන් මරණ දඬුවම ලබා දෙනු ලැබුවේ සේයා සදෙව්මි නමැති දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට, දූෂණය කොට මරා දැමීම යන චෝදනාවලට වැරදිකරු කරමිනු යි. මෙම සේයා නම් දැරිවියගේ ම්ලේච්ඡ ඝාතනය මෙරට ජනසමාජය අතිමහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ අතර මෙහි දී අතිශය අමනෝඥ ලෙස ක්‍රියා කළ කොටදෙණියාව පොලිසිය බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. එම සිදුවීම මරණ දණ්ඩනය නැවත ගෙන එන්නටැ යි කියන උද්ඝෝෂණවලට පවා නිමිත්තක් වීය.

කෙසේ වෙතත් අපට විමසීමට ඇති පැනය නම් මල් කැකුළක් වන් ළදැරිය තලා පෙළා හප කර විනාස කිරීමෙන් පසුව එකී දූෂක ඝාතකයාට මරණ දණ්ඩනය නියම කිරීමෙන් සියල්ල විසඳේ ද? කියා යි.

කිසිවක් විසඳී නැත!!!

ඊළඟ ඝාතකයා ඔබේ දරුවා බිලිගැනීමට ඔබේ දොරටුව අසළ බලා සිටිනා බව අමතක නොකරන්න! මන්දයත් මෙවැනි ඝාතකයන් බිහිවීමට අදාළ වාස්තවික හේතු සියල්ල ම ඔබ අප නිතිපතා නඩත්තු කරමින් සිටිමු. එනිසා කීමට ඇත්තේ, ඝාතකයා තවමත් දොරකඩ බවත් කිසිවක් කිසිසේත් ම අවසන් ව නැති බවත් පමණකි.

RSL

Related Posts