නව ව්‍යවස්‌ථාවෙන් 13 ට එහා ගිය බලය බෙදීමක්‌ !

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ අවශ්‍ය බවට එදා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දුන් පොරොන්දුව වත්මන් රජය ඉටු කරන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබාදෙන ඕනෑම විසඳුමක්‌ පිළිගැනීමට එදා මහින්ද රාජපක්‍ෂ මහතා සූදානමින් සිටි බව ද හෙතෙම කීවේය. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල …

Continue Reading

මහින්දගෙන් බන්දුලට වාරණයක්!

ඒකාබද්ධ විපක්ෂය මඟින් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී බී.බී.සි.යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අරාජිකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තාවකාලික වාරණයක් පනවා මාධ්‍ය වාරණයක් පනවා ඇත. පසුගිය කාලය පුරාවට බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවලදී පිළිඹිබු කළ අසාර්ථකත්වයත්, ඊයේ දිනයේ මුහුණදුන් දුර්වලතාවයත් හේතුවෙන් බන්දුලව ටික දිනකට මාධ්‍ය හමුවලින් ඉවත් කොට විවේක …

Continue Reading

පාඨලීගේ කාලේ බිලියන 1.2ක ගල් අගුරු හොරකම! (Video)

වහා ක්‍රියාත්මක වන පරිදි ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඊයේ (17) විසුරුවා හැර තිබේ. 2009 – 2016 දක්‌වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්‌ති පිළිබඳ අධීක්‍ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු නිර්දේශ හා නිගමන සැලකිල්ලට …

Continue Reading

ජනපති අනින් හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇතැයි වාර්තාවේ. එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතැයි දැනගන්නට ඇත. මෙම කම්හල ඉදිකිරීමේ කටයුතු සඳහා …

Continue Reading

SAITMහි නීත්‍යානුකූලභාවය ගැන වෛද්‍ය සභාවෙන් ප්‍රශ්න කරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ(17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් හමු වී මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් …

Continue Reading

මංගලගේ සිහිනය ජනපති බොඳ කරයි

ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) පැවසීය. ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ …

Continue Reading

යහපාලනය කෝටි ගණනක් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙයි

වත්මන් යහපාලන රජය කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් පසු යළිත් මහජන මුදල් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙන බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත. මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ …

Continue Reading

විමල්ටත් ඇර, අගමැතිවත් ඇන්දවූ කුප්‍රකට ‘ආශු මාර’ ජනපතිටත් හොරෙන් පැනයයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශට එල්ල වූ රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් නම ගෑවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අතුරුදන් වී ඇති බව වාර්තා වේ. ඔහු අතුරුදන් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැඳවීමකින් පසුව බවයි වාර්තා වන්නේ. විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් සමග එම චෝදනාව සම්බන්ධයෙන් එවකට විමල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා සහ එවකට රාජ්‍ය …

Continue Reading

ජනපතිට සිහිකැඳවීමක්!

2015 ජනවාරි 08 විප්ලවය සඳහා සමාජ ජාලය තුළ සුවිශාල දායකත්වයක් දැක්වූත්, මෙරට ප්‍රබලතම දේශපාලන ෆේස්බුක් පිටුව ලෙස සැලකෙන “UPFA – A Brighter Future” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා විශේෂ සටහනක් තබා ඇත. UPFA – A Brighter Future ෆේස්බුක් පිටුවේ තබා ඇති එම සම්පුර්ණ සටහන මෙසේයි. “ගරු ජනාධිපතිතුමණි, එදා සටන් වැදුණු සියලු දෙනාගේ පොදු අපේක්ෂාව වුනේ සධාරණ සමාජයක් සහ යහපාලනයක් …

Continue Reading

දුමින්ද – චමින්ද ඇතුළු 5 ක් පැන යන මඟ කොටුවෙයි! (විශේෂ)

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළේය. මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරි ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත …

Continue Reading