යහපාලනය කෝටි ගණනක් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙයි

Spread the love

වත්මන් යහපාලන රජය කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් පසු යළිත් මහජන මුදල් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙන බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ.

කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත.

නැවත ඇරඹී ඇති ගල් අඟුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. පළමු ගල් අඟුරු නැව මගින් මෙට්‍රික් ටොන් 60,000 – 64,000 දක්වා ප්‍රමාණයක් ගල් අඟුරු ගෙන්වීමට නියමිතය. පසුගිය සතියේ දී මේ සඳහා ණය (එල්.සී.) ලිපි විවෘත කොට ඇත.

කැෆේ සංවිධානය මෙම දුෂිත ගනුදෙනුව නැවත ඇරඹීම පිළිබදව 2017 ජනවාරි 4 දින ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රමුඛ ශේෂ්ඨාධිකරණය විසින් “මහජන මුදල් සම්බන්ධ බැවින් හෘ සාක්ෂිය කම්පා කළ බව“ කියු නඩු තීන්දුව මගින් ද, 2016 දෙසැ. 30 දින විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අඟුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් උක්ත ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය “ශුන්‍ය සහ බල රහිත“ බව නිගමනය කොට ඇත. මේ වන විට මේ පිළිබ ඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ සුරේන් බටගොඩ ලේකම්වරයා ඇතුළු පිරිසට එරෙහිව “පොදු යහපතට සම්බන්ධයෙන්“ නඩුවක් විභාග වේ.

2016 දෙසැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාව අනුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ “යහපාලන රජය යටතේ“ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය. මාස ගණනාවක් අතහැර දමා තිබූ ගල් අඟුරු ගෙන්වීමට එජාප – ශ්‍රීලනිප දේශපාලනඥයින් තිදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇත.

මේ පිිළිබඳ වැඩිදුරටත් අද දෙරණ කළ විමසීමකදී කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙමගින් රු.කෝටි 12ට ආසන්න අක්‍රමිකතාවක් සිදුවන බව හා පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ නොරොච්චෝලෙ වෙත ගෙනා මුළු ගල් අඟුරු ප්‍රමාණයෙන් ගසා කෑ ප්‍රමාණයට වඩා මේ මාස 4ක පමණ කාලයක් තුළ කරන ගසාකෑම විශාල බවයි.

RSL

Related Posts