රජයෙන් සෑම නිවසකටම නොමිලේ LED බල්බ්

විදුලිය නාස්තිය අවම කිරීමේ අරමුණින් විදුලි පාරිභෝගිකයන් සඳහා LED බල්බ නොමිලේ ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. CFL,LED බල්බ් නොවෙයි සාමාන්‍ය බල්බයක් ගත්තොත් එය 95%ක්ම අකාර්යක්‍ෂමයි. LED බල්බ දස ලක්‍ෂයක් මණ්ඩලය මඟින් ගෙන්නලා නොමිලේ හරි දීලා සූත්‍රිකා බල්බ් භාවිතයෙන් ඉවත් කරන්න යෝජනා කළ බව විදුලිබල පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පවසයි. ගෙයින් ගෙට ගොස් එම බල්බ හඳුනාගෙන …

Continue Reading

අධිකරණයට අපහාස කළ විමල්ගේ සහචරයෙක් අත්අඩංගුවට

අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත විමල් වීරවංශගේ සහචරයෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අත්අඩංගුවට ගැණුනේ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ රක්ෂිත බන්ධනාරගත කිරීමේ නියෝගය නිකුත් කළ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, මහේස්ත්‍රාත්වරිය දෙසට ඇඟිල්ල දිගු කරමින්, උස් හඬින් කථාකර තර්ජනාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙනි. එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස, මහේස්ත්‍රාත්වරිය …

Continue Reading

රවිගේ තකතීරු තීරණ හමුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි ගණනක පාඩුවක්

වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ තීරණයකට අනුව ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සාමාන්‍යයෙන් එම මණ්ඩලය සතියකට රුපියල් මිලියන 200ක පමණ ලොතරැයි අලෙවි කරන බවද, ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලෙවිය 25% …

Continue Reading

ශෂීගේ කට නිසා විමල් තවත් හිරවෙයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි. ඇය විසින් සිදුකරන ලද ඉදිකිරීම් …

Continue Reading

තිනියාවල හිමියෝ බැඳුම්කර මාමයි බෑනයි වෙනුවෙන් උසාවි වඩිති

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් සහ 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලමින් කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. …

Continue Reading

කුප්‍රකට රවීව ඇමතිකමින් නෙරපයි! (Exclusive)

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක වහාම එම තනතුරින් නෙරපා හැරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. රවි කරුණානායක නැමැති කුප්‍රකට ව්‍යාපාරික ඇමතිවරයා විසින් තම ඇමතිධුරය අවභාවිතා කරමින් අති දැවැන්ත දූෂිත ගනුදෙනු සිදුකරමින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සහ අපකීර්තියක් සිදුකර ඇති බවටත් ජනාධිපතිවරයාට කරුණු වාර්තා වී තිබේ. මෙම කරුණු ජනාධිපතිවරයා එජාප …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර වංචාවට එරෙහිව ජනපති දැඩිව ක්‍රියාත්මක වෙයි

වත්මන් යහපාලන රජය යටතේ මහබැංකුවේ සිදුවූ කුප්‍රකට බැදුම්කර වංචාව ගැන සොයා බලා එයට සම්බන්ධවූවන් අධිකරණය හමුවට කැදවීම සදහා ක්‍රියා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත. අද උදෑසන නීතිපතිවරයා අමතා ඇති ජනාධිපතිවරයා මෙම කොමිසම සකස් වියයුතු ආකාරය හා එහි සංයුතිය පිළිබද නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා නීතිපතිවරයාට අවධාරණය කර ඇත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව …

Continue Reading

CID ප්‍රශ්න කිරීම් හමුවේ ෆීල්ඩ් මාර්ෂල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (Video)

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට යුද හමුදාපතිවරයාව සිටි වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පසුගියදා (20) පැය 05ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. මෙම රහස් පොලිස් ප්‍රශ්න කිරීමත්, ලසන්ත ඝාතනයත් සම්බන්ධයෙන් ඊයේ පැවති සිරස සටන වැඩසටහනේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම ඝාතනයට වගකිව …

Continue Reading

තාජුඩීන්ගේ රථය ලුහුබැඳ ගියේ කවුරුන්ද..??

ඝාතනයට ලක්‌ වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මියයැමට පෙර ඔහුගේ වාහනය ලුහු බැඳ පැමිණි වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කොට වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා ඊයේ (19 දා) නියෝග කළේය. තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සිද්ධියට අදාළව පරීක්‌ෂණ පවත්වන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ කෙරෙහි …

Continue Reading

ජනපති මරන්න දත කෑ විජිත් රෝහණ විජේමුණියා රට පනී! (විශේෂ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි මස 26 වනදා සිදුවන සෙනසුරු මාරුවට ප්‍රථම මරණයට පත්වන බවට අසත්‍ය ප්‍රචාරයක් සහ එමඟින් ජාතික ආරක්ෂාව අවදානකමට ලක්කිරීමට උත්සහ කළ කුප්‍රකට ජෝතිෂ්‍යවේදීයෙකු යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නැමැති අයවලා තම ඉලක්ක වැරදුනු හෙයින් විදෙස් ගත වීමට සැලසුම් කරමින් සිටින බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට සති කිහිපයකට ඉහතදී මොහු එක්තරා විදේශ තානාපති කාර්යාලයක් …

Continue Reading