විදුලිය නාස්තිය අවම කිරීමේ අරමුණින් විදුලි පාරිභෝගිකයන් සඳහා LED බල්බ නොමිලේ ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
CFL,LED බල්බ් නොවෙයි සාමාන්‍ය බල්බයක් ගත්තොත් එය 95%ක්ම අකාර්යක්‍ෂමයි. LED බල්බ දස ලක්‍ෂයක් මණ්ඩලය මඟින් ගෙන්නලා නොමිලේ හරි දීලා සූත්‍රිකා බල්බ් භාවිතයෙන් ඉවත් කරන්න යෝජනා කළ බව විදුලිබල පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පවසයි.
ගෙයින් ගෙට ගොස් එම බල්බ හඳුනාගෙන LED බල්බයක් ලබා දීලා පරණ බල්බය ලබා ගන්නවා. එහෙම කළහොත් මෙගාවොට් 40ක පමණ විදුලිය ප්‍රමාණයක් ඉතුරු කරගත හැකි බව අමාත්‍යාංශයේ ලේකම් බටගොඩ මහතා පැවැසීය. මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය විදුලි බල්බ තහනම් කිරීම සඳහාද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද ඔහු කීවේය.
මෙවැනි බල්බ වැඩි හරියක්ම තියෙන්නේ අඩු ආදායම්ලාභීන් වෙසෙන නිවාසවල. මෙම බල්බ ඉවත් කොට ඒවාට LED බල්බ නොමිලේ හරි දීලා ජාතියට වාසියක් සිදුකරන බවද බටගොඩ මහතා පෙන්වා දුන්නේය. විදුලි නාස්තිය අවම කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ පවතින නියඟය හේතුවෙන් බලශක්ති ක්‍ෂේත්‍රයට ඇතිවන බලපෑම්වලට මුහුණදීම සඳහා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.
-මව්විම ඇසුරින්-