එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි. මෙම …

Continue Reading

ජනපති මෛත්‍රී තම ධුරකාලය විමසුවේ ඇයි..?

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව අර්ථ නිරූපනයක්‌ කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 32 (2) ව්‍යවස්‌ථාවට අනුව 2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්ව එම ධුරයේ කටයුතු කරන තමාට ඉදිරියට වසර 06 ක්‌ එම ධුරය දැරීමට යම් බාධාවක්‌ තිබේ ද යන්න ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට …

Continue Reading

විශ්වාසභංගයට පෙර රනිල් අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක්

බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි. මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වහාම එම ධුරයෙන් ඉවත් වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් …

Continue Reading

මහින්දගේ සහචරයෙකු වූ ධනසිරිගේ අල්ලස් ජාවාරමක් හෙළිවෙයි

දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එම මහ නගර සභාවේ හිටපු සභාපති සහ පැවති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති සහ ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම සහචරයෙකු වන ධනසිරි අමරතුංග මහතා විසින් විවිධ අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත …

Continue Reading

කවුරුත් නැති අතරේ රවී ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා නැති අතරේ බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලා ගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. වත්මන් යහපාලන රජයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අද (08) දවස පුරා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබූ පසුබිමක් තුළ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය මන්ත්‍රීවරයා ලිඛිතවම ජනාධිපති ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම …

Continue Reading

ජනපති එජාපයට කෘත ගුණ දැක්වුවා හොඳටෝම ඇති – ගම්මන්පිල සිඟිති රංගනයක් කරමින් කියයි

බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීමට ජනාධිපතිවරයාගේ කෘතගුණ සැළකිම මේ වන විට හොඳටම ප්‍රමාණයත් බවත්, දුෂණ විරෝධීව කටයුතු කරයි යන බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට කෘතගුණ සැලකිමට ඇති හොඳම වෙලාව මෙය බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තම ස්වයංවින්දනාත්මක සිඟිති රංගනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේය. ජාතික කොඩියේ සිටින …

Continue Reading

ශ්‍රීලනිපයට ගහන්න එජාප මන්ත්‍රීවරුන් සැරසෙයි

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනකු පසුගිය ආණ්ඩුව සමයේදී කළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ මොහොතේදී ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ලවී තිබිමත් සම්මුතිවාදී ආණ්ඩුවේ සාමූහිකත්වය බිඳ දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ප්‍රකාශ නිකුත් කිරීමත් …

Continue Reading

කෙටි කලක් තුළ මේ ආණ්ඩුව සිදුකළ සංවර්ධනය ගැන ආඩම්බරයි – හිටපු ජනපතිනි

අධික ණය මුදලක් ගෙවීමට තිබියදීත් පසුගිය වසර තුන තුළ වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ සංවර්ධනය පිළිබඳ තමන් ආඩම්බරයට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කළේය. එසේම පසුගිය රාජපක්ෂ පාලනයේ අතිදැවැන්ත ණය කන්ද කරගැසීමට සිදුව ඇති තත්වයක් තුළ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමත්, සංවර්ධනය කිරීමත් යන …

Continue Reading

21වන සියවසේ මහා වාරි විශ්මිතය ජනතාව අතට පත්වෙයි

දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය. මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරිමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙයි. එහි සමාප්ති …

Continue Reading

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති බිහි වී අදට වසර 03 යි; මහින්ද ලෝක වාර්තාවක් අභියස

දසවසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා බහුතර ජනමතයෙන් පරාජයට පත්කොට ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන පර්සි මහින්ද රාජපක්ෂ මහතා බිහිකොට අදට (08) වසර 03 ක් සපිරේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයකින් පරාජය නොවුණු අතර ශ්‍රී ලංකාවේ පළමුවරට ජනාධිපතිවණයකින් පරාජයට පත්ව ගෙදර ගිය ජනාධිපතිවරයා වූයේ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතායි. …

Continue Reading