ශ්‍රීලනිපයට ගහන්න එජාප මන්ත්‍රීවරුන් සැරසෙයි

Spread the love

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනකු පසුගිය ආණ්ඩුව සමයේදී කළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ මොහොතේදී ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ලවී තිබිමත් සම්මුතිවාදී ආණ්ඩුවේ සාමූහිකත්වය බිඳ දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ප්‍රකාශ නිකුත් කිරීමත් නිසා සිය පක්ෂයට බරපතළ හානි සිදුවන බව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයකු කියා සිටියේය.

මෙම චෝදනාවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයට බලපෑමක් වනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් නිහඬ කිරීමට නම්, ක්‍රියාවක් කළ යුතු බවත් මෙම මන්ත්‍රීවරු පිරිස අගමැතිවරයාට දැනුම්දීමට තීරණය කර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts