ජනපති එජාපයට කෘත ගුණ දැක්වුවා හොඳටෝම ඇති – ගම්මන්පිල සිඟිති රංගනයක් කරමින් කියයි

Spread the love

බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීමට ජනාධිපතිවරයාගේ කෘතගුණ සැළකිම මේ වන විට හොඳටම ප්‍රමාණයත් බවත්, දුෂණ විරෝධීව කටයුතු කරයි යන බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට කෘතගුණ සැලකිමට ඇති හොඳම වෙලාව මෙය බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තම ස්වයංවින්දනාත්මක සිඟිති රංගනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ජාතික කොඩියේ සිටින සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිවරයාට බාර දී අදට වසර 3ක් වන බවත් එයින් සංකේතවත් වන්නේ ජනතා බලය හා යුක්තිය බව ද පැවසු මන්ත්‍රීවරයා ජනතාව මෙම කඩුව ජනාධිපතිට බාර දී ඇත්තේ යුක්තිය උදෙසා භාවිතා කිරීමටට බව ද පැවසීය. අවාසනාවට ජනාධිපතිවරයා වසර 3ක් පුරා කඩුව අලංකාරයට තබා ගෙන සිටියා මිසක් වැඩක් ගෙන නොමැති බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

පසුගිය දා කවුරු කැපේවි ද යන්න නොදන්නා බැවින් මහත් බලාපොරොත්තු තබා සිටි සමස්ත ජාතියටම ජනාධිපතිවරයා ජාතිය අමතා කිසිවක් නොකියු බවත් එතුමා එය හරි හැටි භාවිතා කළේ නම් බැඳුම්කර වංචාරව සම්බන්ධයෙන් අගමැතිවරයාත්, අල්ලස් වරදට රවී කරුණානායක මහතා හා කැලෑ විනාශයට බදුයුදීන් අමාත්‍යවරයා කැපි යෑමට ඉඩ තිබු බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වසර 3ක් කිසිවක් නොකර සිට කඩුව මලකඩ බැඳී ඇති බවත්, එසේ කඩුව තියා ගැනීම නිසා සිංහයා ලැජ්ජාවට පත්ව කොඩියෙන් බැස ගොස් කැළයේ සැඟවීමට ඉඩ ඇති බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරත් සඳහන් කළේය.

RSL

Related Posts