
අධික ණය මුදලක් ගෙවීමට තිබියදීත් පසුගිය වසර තුන තුළ වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ සංවර්ධනය පිළිබඳ තමන් ආඩම්බරයට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කළේය.
එසේම පසුගිය රාජපක්ෂ පාලනයේ අතිදැවැන්ත ණය කන්ද කරගැසීමට සිදුව ඇති තත්වයක් තුළ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමත්, සංවර්ධනය කිරීමත් යන දෙකම එකවර සිදුකිරීම රජයකට ඉතා අභියෝගාත්මක කර්තෘවයක් බවත්, එහෙත් එය වත්මන් ආණ්ඩුව හොඳින් සිදුකරන බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව දේශපාලනික උවමනාවක් මත ඉදිරිපත් කළ වාර්තාවක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. අම්බලන්තොට මිද්දෙනිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.