ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති බිහි වී අදට වසර 03 යි; මහින්ද ලෝක වාර්තාවක් අභියස

Spread the love

දසවසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා බහුතර ජනමතයෙන් පරාජයට පත්කොට ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන පර්සි මහින්ද රාජපක්ෂ මහතා බිහිකොට අදට (08) වසර 03 ක් සපිරේ.

මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයකින් පරාජය නොවුණු අතර ශ්‍රී ලංකාවේ පළමුවරට ජනාධිපතිවණයකින් පරාජයට පත්ව ගෙදර ගිය ජනාධිපතිවරයා වූයේ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතායි.

ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරණයකට තරඟ කළ හැකි ගණන දෙකක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ අතර එම සීමාව පර්සි මහින්ද විසින්ම 18 වන සංශෝධනය හරහා අසීමාන්තික කර ගන්නා ලදී. ඒ අනුව තෙවන වරටත් 2015 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේම පක්ෂයේ මහලේකම්වරයා වූත් පොදු අපේක්ෂකයා බවට පත් වු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පරාජයට පත්විය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා ලෙස ඓතිහාසිකත්වයට පත්වෙමින් මෙරට ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 08 වනදා ගෙදර ගොස් ‘පැරදීලා පලා ආවේ නැහැ’ කියමින් ජනේල උළු අහුවේ එල්ලී තම පාක්ෂිකයින් ඇමතූ මොහොතක්

එහෙත් ඉන් නොනැවතී ලැජ්ජාව පයිසකට මායිම් නොකරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වී සිටි මහින්ද රාජපක්ෂ මහතා එම 2015 වසරේම පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැතිකමට තරඟකොට එයින්ද පරාජයට පත්විය.

ඉන්ද නොනැවතුණු මහින්ද රාජපක්ෂ ‘ලැජ්ජා නැතිකම මැදමූලන මහින්දට වඩා ලොකු නැති බව’ පෙන්වමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. එහෙත් මහින්දට බලයෙන් තොර නිවනක් නැත. දිනෙන් දින වියපත් වෙමින් දිරාපත් වන කුණු කය ජිම් යවමින්, සුදු වන කොණ්ඩ, රැවුල් ගස් කළු කරමින් මහින්ද බලය, බලය කියමින් ඔහු මීට වසර 50 කට පෙර තමා දේශපාලනය පටන් ගත් තැනටම වැටී ඇත. දැන් ඔහු ගෙවල්, හන්දි, බෝක්කු, පන්සල්, වේදිකා ගානේ යමින් කතා කියමින් යළි යළිත් බලය ඉල්ලමින් සිටී.

දැන් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා බලය ඉල්ලන්නේ, ඔබේ නගර සභාව, ප්‍රාදේශීය සභාව සඳහායි. මෙතෙක් ලොව කිසිඳු රටක ජනාධිපතිවරයෙකු මෙවැනි පහත් මට්ටමකට වැටී නැත. එහෙත් ජනාධිපතිවරයෙකු ප්‍රාදේශීය සභාවක් යන ගමනේ ලෝක වාර්තාව තබන්නේ ඔහුයි. ඒ ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී (ප.ප.වි.ජ.කු.පා.ම.) මහින්ද රාජපක්ෂ මහතාය.

RSL

Related Posts