එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි

Spread the love

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

මෙම වාර්තාව පදනම් කරගෙන විවිධ විවේචන මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වන බවද තම පක්‍ෂය ඉලක්‌ක කර ඇතැම් පක්‍ෂ චෝදනා ඉදිරිපත් කරන බවද ඔවුන් විසින් පෙන්වාදී තිබේ.

මෙමගින් මැතිවරණ ව්‍යාපාරය තුළදී තම පක්‍ෂයට අගතියක්‌ බවද ඔවුන් පෙන්වාදී ඇතැයි වාර්තා වෙයි.

-දිවයින ඇසුරෙන්-

RSL

Related Posts