මහින්දගේ සහචරයෙකු වූ ධනසිරිගේ අල්ලස් ජාවාරමක් හෙළිවෙයි

දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එම මහ නගර සභාවේ හිටපු සභාපති සහ පැවති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති සහ ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම සහචරයෙකු වන ධනසිරි අමරතුංග මහතා විසින් විවිධ අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත …

Continue Reading

බැඳුම්කර කොල්ලය සිදුකළ කුප්‍රකට සමාගමෙන් රජයට තවත් කෝටි 42 ක පොල්ලක්

මහ බැංකු බැඳුම්කර කොල්ලය මඟින් රු.මිලියන 11,145 කට අධික මහජන මුදලක් හොරා කෑ බවට හෙළිවුණු ඇලෝසියස්ගේ මත්පැන් ස්කාගාරය රජයට අදාළ බදු නොගෙවමින් තවත් රුපියල් කෝටි 42 ක පොල්ලක් තබා ඇතැයි අනාවරණය වේ. අර්ජුන් ඇලෝසියස්ට අයත් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂසරීස් සමාගම් ජාලයේ මෙන්ඩිස් අරක්කු සමාගම මඟින් රජයට 2017 වර්ෂය සඳහා අයවිය යුතු රුපියල් කෝටි 42 කට අධික බදු මුදල් නොගෙවීම නිසා එම …

Continue Reading

කවුරුත් නැති අතරේ රවී ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා නැති අතරේ බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලා ගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. වත්මන් යහපාලන රජයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අද (08) දවස පුරා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබූ පසුබිමක් තුළ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය මන්ත්‍රීවරයා ලිඛිතවම ජනාධිපති ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම …

Continue Reading

තවත් බ්‍රේස්ලට් ශෝකාන්තයක්: තරුණ දරුවන් සිටින දෙමාපියන් කියවිය යුතුම කථාවක්

ඇය ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකය. එම විදුහලේ ශිෂ්‍ය නායිකාවක්‌ මෙන්ම කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේද ඇය සාමාජිකාවකි. සාමාන්‍ය පෙළ විභාගය උසස්‌ ලෙස සමත්වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හදාරමින් සිටී. මෙතැන් සිට අයෝමි යන අන්වර්ථ නාමයෙන් ඇයව අපි හඳුන්වන්නෙමු. ඉගෙනුමට සහ ක්‍රීඩාවට දක්‍ෂ වුවත් අයෝමි වසර ගණනක සිට ජීවත් වූයේ තම මනසට දැරිය නොහැකි දුක්‌ කන්දරාවක්‌ සමඟය. එයට ප්‍රධානම …

Continue Reading

ජනපති එජාපයට කෘත ගුණ දැක්වුවා හොඳටෝම ඇති – ගම්මන්පිල සිඟිති රංගනයක් කරමින් කියයි

බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීමට ජනාධිපතිවරයාගේ කෘතගුණ සැළකිම මේ වන විට හොඳටම ප්‍රමාණයත් බවත්, දුෂණ විරෝධීව කටයුතු කරයි යන බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට කෘතගුණ සැලකිමට ඇති හොඳම වෙලාව මෙය බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තම ස්වයංවින්දනාත්මක සිඟිති රංගනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේය. ජාතික කොඩියේ සිටින …

Continue Reading

ශ්‍රීලනිපයට ගහන්න එජාප මන්ත්‍රීවරුන් සැරසෙයි

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනකු පසුගිය ආණ්ඩුව සමයේදී කළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ මොහොතේදී ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ලවී තිබිමත් සම්මුතිවාදී ආණ්ඩුවේ සාමූහිකත්වය බිඳ දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ප්‍රකාශ නිකුත් කිරීමත් …

Continue Reading

කෙටි කලක් තුළ මේ ආණ්ඩුව සිදුකළ සංවර්ධනය ගැන ආඩම්බරයි – හිටපු ජනපතිනි

අධික ණය මුදලක් ගෙවීමට තිබියදීත් පසුගිය වසර තුන තුළ වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ සංවර්ධනය පිළිබඳ තමන් ආඩම්බරයට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කළේය. එසේම පසුගිය රාජපක්ෂ පාලනයේ අතිදැවැන්ත ණය කන්ද කරගැසීමට සිදුව ඇති තත්වයක් තුළ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමත්, සංවර්ධනය කිරීමත් යන …

Continue Reading

තමා රජු යැයි සිතා රටේ ජනයා බත් කන ගොන්නු යැයි සිතමින් වැඩ කළ අයෙකු සිටි බව ඔබට මතකද?

මහජනතාව බත් කන ගොන්නු යැයි සිතු රටක තමා එහි රජ යැයි සිතා ක්‍රියාකළ ඒකාධිපති පාලකයෙක් මේ ශ්‍රී ලක්දිව පාලනය කොට උන්හිටි තැන් අහිමිව ගෙදර ගොස් අදට වසර 03ක් සපිරේ. මේ එදා එම පාලකයා තම ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රටේ ජනතාව බත් කන ගොන්නු යැයි සිතමින් ඔවුන් මුලාකිරීමට කළ උප්පරවැට්ටි නොහොත් සිඟිති ආතල්ය. මේ එම රජාට සීතාම්බරපට අන්දවමින් කල්ල මරේ දා …

Continue Reading

ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනපති සුරතින් ජනතා අයිතියට (Video)

රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වී සිටියේය. මේ අතර මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජනතාව අමතා ජනාධිපතිවරයා කියා සිටියේ, අවපත් වී වළාඳ පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නාමයෙන් මෙම ගුවන් පාලම නම් කරන ලෙස බොහෝ දෙනා තමා ගෙන ඉල්ලා සිටි බවයි. මෙහි ඉදිකිරීම් …

Continue Reading

21වන සියවසේ මහා වාරි විශ්මිතය ජනතාව අතට පත්වෙයි

දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය. මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරිමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙයි. එහි සමාප්ති …

Continue Reading