වත්මන් ආණ්ඩුව රට විකුණමින් ඒකාධිපතීත්වයකට ගමන් කරනවා – හිටපු ජනපති මහින්ද (වීඩියෝ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන වලින් සැදුම්ලත් “ජනබල සේනා” සංවිධානයේ උද්ඝෝෂණයක් හා ජනරැළියක් ඊයේ (02) කොළඹදී පැවැත්විණි. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබල සේනා’ උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදීයී. බැඳුම්කර කොල්ලය, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම, සිංගප්පූරු ගිවිසුම, ජීවන බර හා බදු බර ඉහළ …
Continue Reading
කොට ඇද්ද අලි වෙනුවට පෙරහැරේ යන්න හොර අලි පනිති
මේ රජය බලයට පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතුවීමෙනි. එමනිසා මේ රජයේ වරප්‍රසාද මේ පක්ෂ දෙකේම අයට අයිතිය. නමුත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ නිලධාරින් සිතාගෙන ඉන්නේ මේ යූ.එන්.පී. රජයක් කියාය. අර්ජුන ඇමතිතුමා වසර 10 තුල කිසිම් උසස් වීමක් නොමැති සේවක සේවිකාවන් සදහා පක්ෂ බේදයකින් නොමැතිව උසස් වීම් දීම සදහා කටයුතු කරන්න ලදී. එහිදී …
Continue Reading
බොරු බිල්ලන් මවමින් පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා – මුජිබර්
අද මේ රටේ වෘත්තිකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක මාෆියාවක් වන පාදෙණියලාගේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ගෝඨා, මහින්ද ඇතුළු රාජපක්ෂ කල්ලිය බලයට ගෙන ඒම බවත් ගෝඨාගේ එළිය සංවිධානය වෙනුවෙන් කඩේ යන පාදෙණිය ඇතුළු කණ්ඩායම ගත වූ කාලය පුරාවටම කළේ මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි. එදා එක්ටා ගිවිසුමට බොරු බිල්ලන් මවාපාමින් විරෝධය පළ කළ …
Continue Reading
ඩොලරය ඉදිරියේ රුපියල තවත් බාල්දු වෙයි
මේ වසරේ (2018) මුල සිට ජුලි 20 දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.5 කින් පිරිහීමට ලක් වී තිබේ. 2017 වසරේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීමට ලක් වූයේ සියයට 2 කින් පමණි. එසේම අනිකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල පසුගිය කාලයේදී පිරිහීමට ලක්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව සියයට 2 කින්ද, ජපන් යෙන් …
Continue Reading
මහින්දයි, බැසිලුයි දෙන්නම ඕනි – සී.බී.
2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය. සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ තරුණ සමුළුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදී පැවැති අවසථාවේදීය. අපි ගොඩනඟාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළවනකොට අපිට අලුත් පක්ෂයක් අවශ්‍ය වුණා. …
Continue Reading
විශේෂ මහාධිකරණය වැඩ අරඹයි; කුප්‍රකට ගාමිණී සෙනරත් ඇතුළු 4කට සිතාසි
රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට ලබන 24 වැනිදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (01) නියෝග කළහ. බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු …
Continue Reading
බන්ධනාගාර ලොක්කන් 12 කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ස්ථාන මාරු කළ බන්ධනාගාර අධිකාරිවරුන් සිව් දෙනාට අමතරව තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබී ඇත. ඒ අනුව ස්ථාන මාරුවීම් ලැබී ඇති සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව දොළොස් දෙනෙකි. එම දොළොස් දෙනා අතරට බන්ධනාගාර බුද්ධි අංශය මෙහෙය වූ බන්ධනාගාර අධිකාරි යූ. බී. වලිසුන්දර මහතාද වේ. වැලිකඩ …
Continue Reading
පොළොන්නරුව වගේ රටත් සංවර්ධනය කරනවා – ජනපති
පොළොන්නරුවේ පමණක් නොව දිවයිනේ සෑම පළාතකම යෝධ සංවර්ධන සංග්‍රාමයක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට ඊයේ (01දා) එක්වෙමිනි. එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ඔබේ අතට පත්වී තිබෙන පොළොන්නරුව පිළිබඳ ප්රකාශනයේ ඉහළින්ම තිබෙන ශීර්ෂය වන්නේ රු. …
Continue Reading
ජාත්‍යන්තර ගිවිසුම් නැතුව අපිට බෑ – හර්ෂ ද සිල්වා
ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුමෙන් කිසිදු අහිතකර තත්තවයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය. ආසියාණු කාලාපයේ සියළුම …
Continue Reading
ජාලියගේ පවුල පිටින් අල්ලන්න අධිකරණ නියෝගයක්!
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහෙස්ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළාය. ජාලිය වික්‍රමසූරිය මහතාගේ හා ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ආරක්ෂිත …
Continue Reading