මහින්දයි, බැසිලුයි දෙන්නම ඕනි – සී.බී.

Spread the love

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය.

සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ තරුණ සමුළුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදී පැවැති අවසථාවේදීය.

අපි ගොඩනඟාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළවනකොට අපිට අලුත් පක්ෂයක් අවශ්‍ය වුණා. ඒ පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මහින්ද මහතා ඇතුළු අපි සියල්ල ඒකාබද්ධ විපක්ෂයක් හැටියට විපක්ෂයට යනකොට අපිව වෛරක්කාරයෝ හැටියට තමයි දැක්කේ. අපි කතා කරන දේවල් බැලුවොත් එහෙමයි. ඒ වෛරි දේශපාලනය ජනවාරි 9 වැනිදා පස්සේ අද වෙනතුරුම තියෙනවා.

මෙම පක්ෂය ගොඩනැඟීමේ කර්තව්‍ය කිරීමේදී ඡන්ද මැෂිම බැසිල් රාජපක්ෂ මහතා අපට අමතක කරන්න බෑ. ඔහු ඒ ශක්තිය දුන්නා වගේම මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න අපි අරගල කළා. පළාත් පාලන මැතිවරණයේදී මේ අරගල කළේ පළාත් පාලන මැතිවරණයත්, ග්‍රාමීය නායකයෝත් අපිට ඕනි නිසා.

මත්තල ගැන අපි කතා කරනවා. හම්බන්තොට වරාය ගැන කතා කරනවා. මේ දෙක ගැන තමයි අපේ ඔළුවේ තියෙන්නේ. කන්කසන්තුරේ දක්වා රේල් පාර යළි පිළිසකර කරලා ජනතාවට ලබා දුන්නේ කවුද කියලා අද කතා කරන්නේ නෑ. නමුත් අද දඟලනවා මොරගහකන්දට උප්පැන්න දෙන්න. මොරගහකන්දට උප්පැන්න දෙන්න ඕනි නෑ දන්නෝ දනිති. කවුද ගියේ, කවුද කළේ කියන එක.

RSL

Related Posts