කොට ඇද්ද අලි වෙනුවට පෙරහැරේ යන්න හොර අලි පනිති

Spread the love

මේ රජය බලයට පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතුවීමෙනි. එමනිසා මේ රජයේ වරප්‍රසාද මේ පක්ෂ දෙකේම අයට අයිතිය.

නමුත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ නිලධාරින් සිතාගෙන ඉන්නේ මේ යූ.එන්.පී. රජයක් කියාය.

අර්ජුන ඇමතිතුමා වසර 10 තුල කිසිම් උසස් වීමක් නොමැති සේවක සේවිකාවන් සදහා පක්ෂ බේදයකින් නොමැතිව උසස් වීම් දීම සදහා කටයුතු කරන්න ලදී.

එහිදී මෙම උසස්වීම් දීමට විරුදව ජාතික සේවක සංගමයේ නිලදාරීන් විරුදත්වය ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිතෛෂි හංස සංසදයේ සාමාජිකයන්ට මෙම උසස්වීම් අහිමිවිය, ඒ සමගම ජාතික සේවක සංගමයේ සමාජිකන්ටද ඒ වරප්‍රසාදයද අහිමිවිය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ චක්‍රලේඛන හා අග්‍රාමාත්‍යතුමාගේ හා අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව දේශපාලන පලිගැනීම් වලට 2004 සිට 2015/01/07 දක්වා ලක්වූ අයට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණින් නැවතවරක් මෙම උසස්වීම් හා අනිකුත් වරප්ප්‍රසාද ලබාදීමට මේ කාලය තුල කටයුතු කර ගෙන යනු ලබයි, නමුත් මෙවරද සාධාරණයක් දේශපාලන පලිගැනීම් කමිටුව මගින් ඉටුවේ යැයි සිතිය නොහැක.

මෙම දේශපාලන පලිගැනීම් වලට ලක්වුයේ 2004 වසරේ සිට 2015 ජනවාරි 07 දක්වය. එසේනම් 2004 වසරේ සිට 2015 ජනවාරි 07 දක්වා ජාතික සේවක සංගමයේ සිටි සාමාජිකයන්ට පමණයි මේ සදහා අයදුම් කල හැක්කේ, නමුත් මේ සදහා ජාතික සේවක සංගමයේ සභාපතිට හිතවත් සේවකයන් 2015 ජනවාරි 07 පසුව ජාතික සේවක සංගමයට බදවා ගෙන ඒ අයද දේශපාලන පලිගැනීම් වලට ලක්වූ බව පවසා මෙම දේශපාලන පලිගැනීම් උසස්වීම් 02 ලබාදීමට යයි. මොවුන් කිසිම් දේශපාලන පළිගැනීමකට ලක් නොවූ අතර ඔවුන් සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සංගමයේය.

තවද හොරකම්කර, විනය විරෝදී කටයුතු කල අය නැවත රැකියා ලබාගෙන ඇත්තේ දඩුවම් ලබාදීමෙනි. මෙම දේශපාලන පලිගැනීම් උසස්වීම් ලබා දෙන පිරිස අතර එවැනි අයද සිටින අතර ඔවුන්ටද මෙම උසස්වීම් ලබාදීමට යයි. මේවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ චක්‍රලේඛන හා අග්‍රාමාත්‍යතුමාගේ හා අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනිය. මේ අසාධාරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා අර්ජුන රණතුංග ඇමතිතුමාගේ අවදානය පිණිසය.

-අසාධාරණයට ලක් වූ සේවකයින්-

RSL

Related Posts