ආර්.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය ඔක්තෝබර් 8 වනදා අංගොඩ වල්පොල හන්දියේදී සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු පා.ම ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පා.ම දුමින්ද සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (15)නම් කළේය. ඒ අනුව අධිකරණය නියෝග කලේ දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙසයි. අද දිනයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන …
Continue Reading
පළමු ටෙස්ට් ලෝක කුසලානය 2017 ට කල්යයි
-
RSL
-
November 15, 2011
-
ක්‍රීඩා
-
0 Comments
2013 වසරේදී එංගලන්තයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබු ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2017 වසර දක්වා කල් දැමීමට සිදු වු බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධාන විධායක නිලධාරීන් හරූන් ලෝගාට් ඩුබාහිදී ප්‍රකාශ කළේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමකදී මෙම තීරණයට එළඹි බවයි. මී ළඟ චැමිපියන්ස් කුසලාන 2013 එක්දින තරගාවලිය ද එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර අන්තර්ජාතික ක්‍රිකට් …
Continue Reading
වසරේ ගෙවුණු මාස 11 තුළ ඩෙංගු මරණ 151ක්
-
RSL
-
November 15, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
මෙම වසරේ ගත වූ මාස 11 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21,913 ක් ද මරණ 151 ක් ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.එසේම ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් සියයට 57.58 ක පමණ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වසරේ වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසය තුළ වන අතර මේවන …
Continue Reading
රජය සතු වසා දමා ඇති ආයතන දෙකක් විදේශීය සමාගම්වලට
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
දැනට වසා දමා ඇති රජය සතු ආයතන දෙකක් තිස් අවුරුදු බදු පදනමක් මත විදේශීය සමාගම් දෙකකට ලබාදීමට තීරණය කර ඇති ඇති බවට වාර්තාවේ. මෙසේ පෞද්ගලික අංශය වෙත ලබාදෙන ආයතන වන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල සහ කන්තලේ සීනි කම්හලයි. මෙම වැඩපිළිවෙළ යටතේ ලංකා පිඟන් සංස්ථාව ද ඉදිරියේදී පෞද්ගලික අංශයට බදු දීමට නියමිත අතර ඇඹිලිපිටිය කඩදාසි කම්හල බදු දීමේ ගිවිසුම අද පෙරවරුවේ අත්සන් …
Continue Reading
අද අපේ ක්‍රීඩාවේ තත්වය කොතරම් ශෝචනීයද කියන එක රටම දන්නවා – එජාපය
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
අද ක්‍රීඩාවේ තත්ත්වය කොතරම් ශෝචනීයද යන්න මුළු රටේම ජනතාවට පැහැදිලි බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් තත්ත්වයට ඇදවැටී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. ඒ වාගේම ලංකාවේ ක්‍රීඩා පිට්ටනි නඩත්තු කර ගන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා ඒවා හමුදා පාලනයට බාර දෙන්න සිද්ධ වෙලා ගම්බද ක්‍රිඩක …
Continue Reading
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය මේ මස 27 වනදා ජනතා අයිතියට
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ (ඒ- 4) කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස නොවැම්බර් 27 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට සියළු කටයුතු සූදානම් බව ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා අනාවරණය කළේය. මෙම මාර්ගය කොට්ටාවේ සිට ගාල්ලට කිලෝමීටර 95ක …
Continue Reading
දකුණු ආසියාවටයි යුරෝපයටයි කුඩු බෙදන්නේ ලංකාවෙන් – සරත් ෆොන්සේකා
-
RSL
-
November 14, 2011
-
Uncategorized
-
0 Comments
යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව ඇතුළුව තවත් අධිචෝදනා 41 ක් යටතේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ යුද හමුදාවේ විශ‍්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවට පෙනී සිටීමට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත සරත් ෆොන්සේකා මහතා රැගෙනවිත් තිබුණි. කොළඹ …
Continue Reading
“ගාලු සංවාදය” අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය ඇරඹේ
-
RSL
-
November 14, 2011
-
Uncategorized
-
0 Comments
“ගාලු සංවාදය” (Galle Dialogue) අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය අද (14) පෙරවරු 9.30ට ගාල්ල ලයිට් හවුස් හෝටලයේ එඩිස්ටන් ශාලාවේ දී ආරම්භ විණි. ඉන්දියානු සාගරික අභියෝග ජයගැනීම සඳහා උපක්‍රමික සහයෝගිතාව තේමාවෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 19ක නාවික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු ද සම්මන්ත්‍රණයට එක් ව සිටිති. භූගෝලීය වශයෙන් ඉන්දීය සාගරයේ ඉතා ම වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති ශ්‍රී …
Continue Reading
සෑම තත්ත්පර 10 කට වරක් දියවැඩියා රෝගීන් දෙදෙනෙකු බිහිවේ
-
RSL
-
November 14, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
ශ්රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10ක් පමණ දෙනා දියවැඩියා රෝගයට ගොදුරු ව ඇතැයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන් කුඩා දරුවන්ට දියවැඩියා රෝගය වැළඳීමේ ඉහළ යැමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ දියවැඩියා සායනයක් පවත්වාගෙන යන බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සනත් පී. ළමාබදුසූරිය මහතා පැවසීය. වසර 2025 වන විට දියවැඩියා රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ වාර්තා …
Continue Reading
පරිඝණක වෛරසයකින් ඉරාන න්‍යෂ්ටික බලාගාර අඩපණවේ
-
RSL
-
November 14, 2011
-
විදේශීය
-
0 Comments
ඉරාන න්‍යෂ්ටික බලාගාර වැඩසටහන් ඉලක්ක කර ගනිමින්, තෙවන වරටත් පරිඝණක පද්ධති වෙත වෛරසයක් ඇතුළු වී තිබේ. එය ඩුකූ නැමති පරිඝණක වෛරසයක් හඳුනාගත් බව ඉරාන බලධාරීන් පවසයි. අලුතින් සොයා ගැනුණු ඩුකූ නැමති වෛරසය ඉදිරි සයිබර් ප්‍රහාර දත්ත රැස් කළ හැකි රිමෝට් ඇක්සස් හැකියාවන් වලින් සමන්විත වෛරසයක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. අවදානමට මුහුණ දී ඇති ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරවල පරිඝණක මේ වනවිට පරීක්ෂා කිරිම්වලට …
Continue Reading