රජය සතු වසා දමා ඇති ආයතන දෙකක් විදේශීය සමාගම්වලට

Spread the love

දැනට වසා දමා ඇති රජ‍ය සතු ආයතන දෙකක් තිස් අවුරුදු බදු පදනමක් මත විදේශීය සමාගම් දෙකකට ලබාදීමට තීරණය කර ඇති ඇති බවට වාර්තාවේ. මෙසේ පෞද්ගලික අංශය වෙත ලබාදෙන ආයතන වන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල සහ කන්තලේ සීනි කම්හලයි. මෙම වැඩපිළිවෙළ යටතේ ලංකා පිඟන් සංස්ථාව ද ඉදිරියේදී පෞද්ගලික අංශයට බදු දීමට නියමිත අතර ඇඹිලිපිටිය කඩදාසි කම්හල බදු දීමේ ගිවිසුම අද පෙරවරුවේ අත්සන් තැබීමට නියමිතය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල රුපියල් මිලියන 600කට ඕස්ට්‍රේලියානු සමාගමකට බදු දෙන අතර ඉන් මිලියන 400ක් අද දිනයේ අදාළ සමාගම රජයට ලබාදීමට නියමිතය. මෙම කම්හල්වල සේවය කළ සේවකයින් 283 දෙනෙකු වන්දි ලබාදී ඉවත් කිරීමට නියමිත බවටත් සඳහන්වේ.

RSL

Related Posts