වසරේ ගෙවුණු මාස 11 තුළ ඩෙංගු මරණ 151ක්

Spread the love

මෙම වසරේ ගත වූ මාස 11 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21,913 ක් ද මරණ 151 ක් ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.එසේම ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් සියයට 57.58 ක පමණ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වසරේ වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසය තුළ වන අතර මේවන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 50කින් අඩු වී ඇති නමුත් මේ දිනවල පවතින කඩින් කඩ පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් යළිත් ඩෙංගු රෝගය දිවයින පුරා ව්‍යාප්ත විය හැකි බවට වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

මෙම කාලය තුළ මදුරු මර්දනය සඳහා ජනතාව ක්‍රියාත්මක නොවුනහොත් ලබන මාර්තු-අප්‍රේල් මාසයන්හිදී රටපුරා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්, එබැවින් මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව පිළිබඳ සැලකිලිමත් වන්නැයි වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.

RSL

Related Posts