අද අපේ ක්‍රීඩාවේ තත්වය කොතරම් ශෝචනීයද කියන එක රටම දන්නවා – එජාපය

Spread the love

අද ක්‍රීඩාවේ තත්ත්වය කොතරම් ශෝචනීයද යන්න මුළු රටේම ජනතාවට පැහැදිලි බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් තත්ත්වයට ඇදවැටී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. 

ඒ වාගේම ලංකාවේ ක්‍රීඩා පිට්ටනි නඩත්තු කර ගන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා ඒවා හමුදා පාලනයට බාර දෙන්න සිද්ධ වෙලා‍ ගම්බද ක්‍රිඩක ක්‍රීඩාකාවන් මතු වෙන එක අද දකින්න ලැබෙන්නේ නැහැ. ගම්බද ක්‍රීඩකයින්ගේ පහසුකම් නංවන්නට අද පියවර අරගෙන නැහැ. මේ වෙද්දී ආණුඩව කරන්නේ මොකක්ද ආණ්ඩුව නොකරන්නේ මොනව ද කියල බොහොම විමසිල්ලෙන් බැලුවොතින් ඉතාම හොඳින් පැහැදිලි වන දෙයක් තමයි මේ ආණ්ඩුව නොකරන්නේ, රාජ්‍ය පාලනය විතරයි කියලා. එදා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු ගොවි විශ්‍රාම වැටුප පවා ලබා දෙන්න බැරි තත්ත්වෙකට ආණුඩව පත් වෙලා තිබෙනවා. ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් ලබා ගැනීම සඳහා 250ක විතර නඩයක් අරන් විදේශගත වෙනවා. ඒ ක්‍රීඩා තරගය ලබා ගැනිමේ ලංසුවට විතරක් රුපියල් මිලියන 100ක් කාබාසිනියා කරනවා. නඩයක් එක්ක ගිහිල්ලා අවසානේ නිකම්ම නිකන් විනෝද සවාරියක් අවසන් කරපු පිරිසක් හැටියට ලංකාවට පැමිණෙන්න සිද්ධ වෙනවා‍.

RSL

Related Posts