උසස් තාක්ෂණ ආයතනය විශ්වවිද්‍යාල කොලීජියක් බවට පත්කරනවා – අමාත්‍ය එස්.බී.දිසානායක

ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල කොලීජිය බවට පත් කිරීමට කටයුතු කරනවා යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 08 වන ඩිප්ලෝමා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ප‍්‍රතිසංවිධාන රැසක් සමඟ ආශ‍්‍රිත උපාධි (Associate Degrees) ලබා ගැනීමට හැකි ආයතනයක් බවට පත් කරමින් විෂය මාලා සංශෝධන …

Continue Reading

නොමග ගිය සාමාජිකයන්ට යළි එන්න දොර විවෘතයි – සෝමවංශ අමරසිංහ

එදා රෝහණ විජේවීර සහෝදරයාගේ රැවුල, තොප්පිය, කාර් එකෙන් ගමන්කිරීම ගැන අවලාද අපහාස නැගුවා මෙන්ම අදත් පක්ෂ නායකන්ට විරුද්ධව මඩ ව්‍යාපාරද අවලාද නැගීම්ද දියත්කර තිබෙනවා. මේ කුමන්ත්‍රණ මෙහෙයවූ කිසිවෙකුට පක්ෂයේ කිසිම ඉඩක් නැහැ. නොමග ගිය සාමාජිකයන්ට යළි එන්න දොර විවෘතයි’ යැයි ජනතා විමුක්ති‍ පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ 22 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින්ය. කොළඹ විහාරමහා දේවි …

Continue Reading

දියවැඩියාවට ළමයින් ගොදුරුවීම ශීඝ‍්‍රයෙන් ඉහළට

මෙරට දියවැඩියාවට ගොදුරු වන ළමයින්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බවත්, වැඩිහිටි ජනතාවට මෙන්ම බාල පරම්පරාවට ද දියවැඩියාව එක සේ පීඩාවක් වී ඇති බවද ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ළමාබදුසූරිය මහතා පැවසීය. ළමයින්ගේ දෛනික ක‍්‍රියාකාරකම් අඩුවීම, වැරදි ආහාර රටාවන්, පිෂ්ඨය සහ සීනි අධික ආහාර, ව්‍යායාම් මඳ බව, මෙන්ම රූපවාහිනිය, පරිගණකය වැනි ශාරීරික ව්‍යායාම් සිදු …

Continue Reading

නව පනත නිසා විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනයට බිය වෙනවා – කරූ ජයසූරිය

පොදු ජනතාව අතර සාකච්ඡාවට භාජනය නොකර ජාතියේ යහපතට යනුවෙන් පවසමින් ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතේ මූලික කෙටුම්පත සකස් කිරීමේදී දැක් වු හදිසිය ඉදිරියේදී සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයක පෙර නිමිත්තක් බවත්, ඒ හේතුවෙන් විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජනය කිරීමට පෙර සිය ආ‍යෝජනයන් හිතුමතයට රජයට පවරා ගනී යන බිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පෙර යළි සිතා බලනු ඇති බව  එක්සත් …

Continue Reading

ගාලු සංවාදය – 2011 හෙට ගාල්ලේ දී ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන “ගාලු සංවාදය – 2011” (Galle Dialogue – 2011) අන්තර්ජාතික සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමුළුව හෙට (14) ගාල්ලේ දී ආරම්භ වේ. ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මේ ගාලු සංවාදය සමුළුවේ සමාරම්භය පසුගිය වසරේ අගෝස්තු 06 සහ 07 දිනවල පැවැත්විණි. කලාපීය සමූද්‍රීය ආරක්ෂාව පිළිබඳ ව සංවාදයක් ගොඩනැංවීම මෙහි අරමුණ විය. මෙවර පැවැත්වෙන්නේ එහි දෙවන සමුළුවයි. “ඉන්දියානු සාගරයේ සමුද්‍රීය කටයුතු …

Continue Reading

සාර්ක් සමුළුවට සහභාගී වූ ජනපති යළි මව්බිමට

17 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) මාලදිවයිනේ සිට මව්බිමට පැමිණ තිබේ. සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඊයේ (11) අවසන් වූ අතර එහි දී සාර්ක් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් ගිවිසුම් හතරක් අත්සන් කරනු ලැබීය. සාර්ක් නායක සමුළුවේ දී සාර්ක් කලාපීය රටවල රාජ්‍ය නායකයින් සමඟ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වැදගත් …

Continue Reading

සංගක්කාර නැවත වරක් පළමු තැනට

කුමාර් සංගක්කාර නැවත වරක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ අංක එකට පත්ව සිටී. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊ‍යේ එම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කළේය. කුමාර් සංගක්කාරට මේ වන විට ශ්‍රේණිගත කිරීම් ලකුණු 880ක් හිමිව ඇත. ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රකට් තරග 103කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රැස් කර ඇති ලකුණු සඛ්‍යාව 9167කි. ඊට ශතක 27ක් සහ අර්ධ ශතක 38ක් ඇතුළත් වේ. දකුණු අප්‍රිකාවේ ජාක් …

Continue Reading

ශල්‍යකර්ම සදහා අවශ්‍ය වන ඉන්ද්‍රිය සහ අවයව බැංකුවක්

අවයව බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සදහා අවශ්‍ය වන ඉන්ද්‍රිය සහ අවයව බැංකුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. දැනට වකුගඩු, පෙනහළු සහ හෘදය ආශ්‍රිත සැත්කම් සදහා ඉන්ද්‍රීය ලබා ගැනීමේදී නිසි සම්බන්ධිකරණයක් නොමැතිවීමෙන් ගැටලු රැසකට මුහුණපා සිටින රෝගීන් විශාල ප්‍රමාණයකට මෙමඟින් සෙත සැලසෙනු ඇත. නව දත්ත බැංකුව පිහිටුවීමත් සමඟ අවයව පරිත්‍යාග කරන පුද්ගලයින්ට ඒ සදහා දායකත්වය සැපයීමට හැකි අතර ශල්‍යකර්ම සදහා අදාළ අවයව ප්‍රදානය …

Continue Reading

දැයට සෙවණ 2011ට සමගාමී ව ”ජාතික හරිත උද්‍යානයක්”

දැයට සෙවණ 2011ට සමගාමී ව ”ජාතික හරිත උද්‍යානයක්” ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.මෙම හරිත උද්‍යානය දියවන්නා ඔය ජපන් මිත්‍රත්ව මාර්ගය අසල ”නාගරික හරිත උද්‍යානයක්” ලෙස ඉදිකෙරේ. ලබන 15 දින පෙ.ව. 09.01ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත බව පරිසර අමාත්‍යාංශ මාධ්‍ය අංශය පවසයි. පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ උපදේශකත්වය හා …

Continue Reading

වෙබ් අඩවි පිලිබඳව ගත් තීරණය රටේ කිර්තීනාමය රැකගැනීම පිණිසයි- අමාත්‍ය කෙහෙළිය

රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බවත්, රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස්  ලෙස හැඳින්වීම වරදක් නැති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා “සිළුමිණ” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල …

Continue Reading