ශල්‍යකර්ම සදහා අවශ්‍ය වන ඉන්ද්‍රිය සහ අවයව බැංකුවක්

Spread the love

අවයව බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සදහා අවශ්‍ය වන ඉන්ද්‍රිය සහ අවයව බැංකුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට වකුගඩු, පෙනහළු සහ හෘදය ආශ්‍රිත සැත්කම් සදහා ඉන්ද්‍රීය ලබා ගැනීමේදී නිසි සම්බන්ධිකරණයක් නොමැතිවීමෙන් ගැටලු රැසකට මුහුණපා සිටින රෝගීන් විශාල ප්‍රමාණයකට මෙමඟින් සෙත සැලසෙනු ඇත. නව දත්ත බැංකුව පිහිටුවීමත් සමඟ අවයව පරිත්‍යාග කරන පුද්ගලයින්ට ඒ සදහා දායකත්වය සැපයීමට හැකි අතර ශල්‍යකර්ම සදහා අදාළ අවයව ප්‍රදානය කිරීම විධිමත් ක්‍රමවේදයකට සිදුකිරිමකටද නියමිතය.

RSL

Related Posts