දැයට සෙවණ 2011ට සමගාමී ව ”ජාතික හරිත උද්‍යානයක්”

Spread the love

දැයට සෙවණ 2011ට සමගාමී ව ”ජාතික හරිත උද්‍යානයක්” ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.මෙම හරිත උද්‍යානය දියවන්නා ඔය ජපන් මිත්‍රත්ව මාර්ගය අසල ”නාගරික හරිත උද්‍යානයක්” ලෙස ඉදිකෙරේ.

ලබන 15 දින පෙ.ව. 09.01ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත බව පරිසර අමාත්‍යාංශ මාධ්‍ය අංශය පවසයි. පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ උපදේශකත්වය හා අධීක්ෂණය නිරන්තරයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ලබාදෙන බවද අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, කඩුවෙල මහනගර සභාව, විදුලි බල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය එක් ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සෑම ආයතනයකින් ම දිනකට 100ත් 150ත් සංඛ්‍යාවක් ශ්‍රම දායකත්වය ලබා දෙන බව ද පරිසර අමාත්‍යාංශය පවසයි.

RSL

Related Posts