වෙබ් අඩවි පිලිබඳව ගත් තීරණය රටේ කිර්තීනාමය රැකගැනීම පිණිසයි- අමාත්‍ය කෙහෙළිය

Spread the love

රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බවත්, රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස්  ලෙස හැඳින්වීම වරදක් නැති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා “සිළුමිණ” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල චරිත ඝාතන පසුගිය වකවානුවේදී මෙම වෙබ් අඩවි හරහා සිදු වූයේ යැයි දෙමාපියන් ඇතුළු රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළ බවත් ඇතැම් අවස්ථාවන්හි ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවා එම දෙමාපියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිව තිබූ බවත් ඇමතිවරයා පවසා ඇත.

තායිලන්තය චීනය ඇතුළු රටවල් මේ වනවිට එම රටවලට හානි කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කැර ඇතැයි ද රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග වලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස ලෙස හැඳින්වීම වරදක් නැතැයි ද ඒ මහතා පවසා ඇත.

පුවත්පතක රූපවාහිනියක ගුවන් විදුලියක යම් අසත්‍ය ප්‍රවෘත්තියක් පළවූ විට එය නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ග ඇති නමුත් වෙබ් අඩවිවල එවැනි ක්‍රමවේදයක් නොමැති වීමෙන් එම වෙබ් අඩවිවලට රටට ජනතාවට ඕනෑම හානියක් කිරීමට හැකියාව ඇතැයි ද පවසා ඇත.

RSL

Related Posts