දියවැඩියාවට ළමයින් ගොදුරුවීම ශීඝ‍්‍රයෙන් ඉහළට

Spread the love

මෙරට දියවැඩියාවට ගොදුරු වන ළමයින්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බවත්, වැඩිහිටි ජනතාවට මෙන්ම බාල පරම්පරාවට ද දියවැඩියාව එක සේ පීඩාවක් වී ඇති බවද ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ළමාබදුසූරිය මහතා පැවසීය.

ළමයින්ගේ දෛනික ක‍්‍රියාකාරකම් අඩුවීම, වැරදි ආහාර රටාවන්, පිෂ්ඨය සහ සීනි අධික ආහාර, ව්‍යායාම් මඳ බව, මෙන්ම රූපවාහිනිය, පරිගණකය වැනි ශාරීරික ව්‍යායාම් සිදු නොවන කටයුතුවල ළමයින් වැඩිවේලා කාලය ගත කිරීම යනාදී හේතු නිසා ළමයින් අතර දියවැඩියාව බහුල වීමට හේතු වී තිබෙන බවත් මහාචාර්ය ළමාබදුසූරිය මහතා පැවසීය.

වසර 1970 සහ 1990 යන දශක දෙකක කාලයට වඩා 1990න් පසුව දියවැඩියාවට ගොදුරුවන ළමයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

RSL

Related Posts