දුමින්ද සිල්වා ඝාතන සැකකරුවකු නොවෙයි – අමාත්‍ය නිමල් සිරිපාල

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සැකකරුවෙකු නොවන බැවින් ඔහුට විදේශගතවී ප්‍රතිකාර ලබා ගැනීමට බාධාවක් නොමැති බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23(2)අ යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (11 )පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය. රටේ අපරාධ ඉහළ යෑම පිළිබඳ ව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි …

Continue Reading

2018 පොඳු රඳ මඬුලු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ “ගෝල්ඩ් කෝස්ට්” වලට

ඕස්ට්‍රේලියාවේගෝල්ඩ් කොස්ට් නගරය, ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය පරදා 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගත්තේය.ඒ අද අලුයම බටහිර කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් දිවයිනේ පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදීය. රටවල් 71ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ඡන්ද විමසීමේදි ඔස්ට්‍රේලියාව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 43කි.ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ලබා ගත්තේ ඡන්ද 27ක් පමණි. 2018 පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා වන ඡන්ද …

Continue Reading

ලුකස් පැපඩෙමොස් නව ග්‍රීක අගමැති ලෙස දිවුරුම් දෙයි

හැට හතර හැවිරිදි යුරෝපීය මධ්‍යම බැංකුවේ හිටපු උපසභාපතිවරයෙක් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන ලුකස් පැපඩෙමොස් මහතා ජෝර්ජ් පැපැන්ඩ්‍රියෝගෙන් හිස්වූ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කර කර ඇත. නව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ ග්‍රීසිය මුහුණදී සිටින ණය අර්බුධයෙන් ගලවාගැනීම වන අතර එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා සඳහන් කරයි. එසේම නව අගමැතිවරයා අගමැතිධුරයට පත්වීමට ප්‍රථම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීමද විශේෂත්වයකි.

Continue Reading

ආණ්ඩුව විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවි කරනවා – විජිත හේරත්

විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවිකරමින් සිටින ආණ්ඩුව රජ්‍ය ආයතන ගණනාවක් බංකොලොත්වීමට ඉඩ හරිමින් දැන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධ සිහිනයක් අලෙවි කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද දින (11) පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය. පසුගිය කාලයේ විවිධ සුරංගනා සිහින මවමින් පිහිටුවන ලද මිහින් ලංකා …

Continue Reading

ව්‍යස්ථානුකූල නොවන අයුරින් ආණ්ඩුව සිදුකරන වෙබ් අඩවි තහනම නිතීඥයෝ හෙළාදකිති

ව්‍යස්ථානුකූල නොවන ආකාරයට හා අත්තනෝමතික අයුරින් ආණ්ඩුව විසින් ප‍්‍රවෘත්ති වෙබ් අඩවි තහනමට ලක් කිරීම කෙරෙහි තම බලවත් විරෝධය පළකරන බව ප‍්‍රකාශ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥ සංවිධානය එම තහනම වහාම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කර සිටී. පසුගිය සමයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කරමින් ජන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යාම හා අතුරුදන් කිරීම මෙන්ම සමහර මාධ්‍ය ආයතන …

Continue Reading

32 වන ජාතික යොවුන් නාට්‍ය උළෙල 17 වනදා සිට ලයනල් වෙන්ට් හිදී

මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙල ලබන 17 වනදා සිට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ. ජාතික යොවුන් නාට්‍ය උළෙල මෙසේ පැවැත්වෙන්නේ තිස් දෙවන වතාවටයි. ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම නාට්‍යය උළෙල සංවිධානයකොට තිඛෙන අතර එදින සිට සෑම දිනකම පස්වරු 6.30 ට නාට්‍ය වේදිකාගත කෙරේ. මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා සිංහල කෙටි නාට්‍යය 12 ක් …

Continue Reading

ආනයනය කරන දෙයින් නොව අප සතු සම්ප්‍රදායන් තුලින් අභියෝග ජය ගනිමු – ජනපති

අප ජාතීන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් ජය ගැනීම සඳහා අපට හැකි වූයේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ සංස්කෘතික සම්ප‍්‍රදායන්, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මිස වෙනත් රටවලින් ආනයනය කරන ලද විසඳුම් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනේ අද්දු නගරයේ හිතාදූ සම්මේලන මධ්‍යස්ථානයේ දී 17 වන සාර්ක් කලාපීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව අමතමින් පවසා සිටියේය. සාර්ක් කලාපයේ අසහාය ශක්තියකින් යුත් මින්ස් සම්පත් ඇති බව පෙන්වා …

Continue Reading

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන් වේගවත් කරයි

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන් දැන් වේගවත්කොට ඇති බව යැයි ජාත්‍යන්තර පුවත්සේවා වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරගෙන යන බවද එම වාර්තාවේ සඳහන්ව ඇතිබව පැවසේ. එමෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල අදහසවී ඇත්තේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වෑයමක නිරතව සිටින බවයි. එහෙත් ටෙහෙරාන පාලනය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩපිළිවෙල යොදාගනු ලබන්නේ හුදෙක් බලශක්ති නිෂ්පාදනය සඳහා පමණක්ම බවයි. කෙසේ වෙතත් …

Continue Reading

ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සංගමයේ ආසියානු සභාපතිත්වය රනිල් වික්‍රමසිංහට

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ ආසියානු පැසිෆික් කලාපයේ සභාපතිවරයා ලෙස ඊයේ (10) යළිත් නිතරඟයෙන් තේරීපත්විය.මේ අතර, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (10) කැනේඩියානු මුදල් අමාත්‍ය ජිම් ෆ්ලැහර්ටි මහතා ද හමුවී මෙරට දෙමළ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම සහ ඒ සඳහා රජය සහ දෙමළ සන්ධානය පවතින සාකච්ජා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර ඇත. එමෙන්ම, විපක්ෂ නායකවරයා බි‍්‍රතාන්‍ය …

Continue Reading

ලබන වසරේ ඉතාලි රැකියා අවස්ථාවන් 50,000 ක්

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලියේ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට අවස්ථාව උදාවන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ, ශ්‍රි ලංකා රජය සහ ඉතාලි රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම රැකියා අවස්ථා හිමිවනු ඇති බවයි. ඒ අනුව ලබන වසරේ රැකියා අවස්ථා 3,000 – 50,000 අතර සංඛ්‍යාවක් ලබාදිමට ඉතාලි රජය එකඟතාව පළ කර තිබේ. අමාත්‍යවරයා පැවසුවේ, …

Continue Reading